පුරාවිද්‍යාඥයින් සඳහා ව්‍යවස්ථාවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කියා සිටින්නේ , පුරාවිද්‍යාඥයින් සඳහා ව්‍යවස්ථාවක් සකස් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත්, ඒ තුළින් පුරාවිද්‍යාඥයින් මෙරට රාජ්‍ය ආයතන ආශ්‍රිතව ස්ථාන ගතකිරීමට කටයුතු කරන බවය.

” මේ පුරාවිද්‍යාවාදි කණ්ඩායම් දැනට ඉන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ එහෙමත් නැත්නම් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉගැන්වීම් කටයුතු කරමින්. එතනින් එහාට යන්න මේ පුරාවිද්‍යාර්ථයින් වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙනවා ඒ අයගේ ව්‍යවස්ථාවක් හදන්න. ඒ අනුව විවිධ ආයතනවල ඒ අයව ස්ථානගත කරන්න. දැන් රේගුව තියෙනවා. හැබැයි රේගුවේ පුරාවිද්‍යාඥයෝ ඉන්නවද, ඊළඟට පළාත් සභා තියෙනවා. අපේ පුරාවස්තු ගොඩක් තියෙන්නේ උතුරු සහ නැගෙනහිර, උතුරු මැද, වයඹ ඔය ආදි පළාත්වල. නමුත් ඒවායේ රාජ්‍ය ආයතනවල පුරාවිද්‍යාඥයෙක් නෑ. ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී එයින් වැඩපිළිවෙළකුත් කරන්න. ඒ වගේම එම පුරාවිද්‍යා උපාධිධාරීන්ව එවැනි ස්ථානවල ස්ථානගත කරන්න.” යැයි වික්‍රමනායක මහතා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 04) දිනයේදී සබරගමුව, මධ්‍යම,...

සිංගර් විශ්වාසය සමග මෙරට වෙළඳපොලට අලුතින්ම එකතුවන TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු...

දැන් අපේ රටේ වී වගාවට යටකරලා තියෙන කුඹුරු ප්‍රමාණය හොඳටම ඇති ! – කෘෂිකර්ම ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට ශ්‍රී ලංකාවේ වී වගාව...