වනජීවි දෙපාර්තමේන්තුවෙන් හෙලිදරව්වක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ගැඹුරු මුහුදේ සිදුවු කිසියම් පිපිරීමක් හේතුවෙන්, දිවයින ආශ්‍රිත මුහුදු වෙරළ තීරයේදී හමුවූ කැස්බෑවන්  මිය යන්නට ඇතැයි සැක කරන බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද, මේවන විට ජා-ඇළ මුහුදු තීරයේ සිට පානදුර මුහුදු තීර ඇතුළත මියගිය කැස්බෑවන් 25 දෙනෙක් සහ ජීවි කැස්බෑවන් දෙදෙනෙකු සොයාගෙන ඇති අතර ,මෙලෙස හමුවූ සියලූම කැස්බෑවන්ගේ මතුපිට කටුව දැඩි ලෙස පිපීරීමට ලක්වීම පිළිබඳ දැඩි අවධානය යොමුව ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වනජීවි දෙපාර්තමේන්තුව පැවසුවේ ඇතැම් කැස්බෑවන් මොළයට සිදුවූ බරපතළ හානි හේතුවෙන් මියගොස් ඇති බවත් , මියගිය කැස්බෑවන් වැඩි පිරිසක් බටු කැස්බෑවන් වන අතර කොළ කැස්බෑවන් දෙදෙනෙකු ද ඒ අතර සිටින බවයි.

වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ධීවර කටයුතුවල නිරත ධීවරයින් විසින් කිසියම් පුපුරණ ද්‍රව්‍යක් යෙදීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේද යන්න සෙවීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර ,මියගිය කැස්බෑවන්ගේ සිරුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මිය යෑමට හේතුව කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් ආයතන 04 ක් ඒකාබද්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඉදිරි දින කිහිපය ඇතුළත කඩිනම් වාර්ථාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි වනජීවි දෙපාර්තමේන්තුව පවසන්නේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමිට කිසිම පහර දීමක් වෙලා නැහැ.චෝදනා අසත්‍යයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ LNW:විහාර මහාදේවි උද්‍යානයේදී පය ලිස්සා වැටීම හේතුවෙන් ඊයේ...

අග්බෝට කරදරයක්ද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ...

සිසුන්ගේ අධ්‍යාපනික බර ලිහිල් කිරීමට සැරසෙන අගමැති හරිනි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ අධ්‍යාපන...

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාන්තා වීරවරියන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යන මානෙල් ජයසිංහ

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාන්තා වීරවරියන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යන මානෙල් ජයසිංහ