*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

නොනගතයට අවුරුදු යැයි නොරැවටී සිටීම අවශ්‍ය වන පාපන්දු තහනමේ ඉවත්වීම සහ නිලවරණය

ක්‍රීඩා අමාත්‍යවරයා පාපන්දු තහනම ඉවත් කිරීමේ කාර්යභාරය පහදා දෙමින් මේ දිනවල මාධ්‍ය දෙවනත් කරමින් සිටින්නේය.නමුත් ඔහු තහනමට අවශ්‍යය වැඩ කොටසක්ද ඉටු කළ යුතු බව කියන්නේ නැත.තනිකරම ශුද්ධ වූ අතාම්යක් ලෙස හැසිරෙන්නේය.එහෙම ශුද්ධ චරිත කුමන හෝ තනතුරක සිටිය හැකි බව අප විශ්වාස කරන්නේ නැත.නමුත් වැරදි අවම කර ගන්නා සහ වැරදි නිවැරදි කරගන්නා පිරිස් යහපත් බව අපි පිළිගන්නෙමු.මේ යහපත්කම සම්බන්ධයෙන් නමනීය වීම ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයෙන් ද බලපොරොත්තු වීමේ දුෂ්කරකම ආරක්ෂා කරමින් සැප්තැම්බර් 29 දා දක්වා ජාතික වගකීමක් කොට සිතා ඔවුන් හැසිරෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.


පාපන්දු තහනමට අමාත්‍යවරයා දායක වූවා ද නැද්ද යන්න පැහැදිළි කර ගැනීමට පාපන්දු නව ව්‍යස්ථාව මත නොපැවත් වූ ඡන්දය ඒ ඔස්සේ පැවත්වීම පිණිස ගැසට් නිවේදනයක් නිකුත් කර පිළිගැනීම හොඳම සාධකය වන්නේය.එහි අරුත අප නිරන්තරයෙන් කියූ පරිදි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය හා පැවති එකඟතාවයන්ට පිටින් නිලවරණයේදී අමාත්‍යංශය සහ අමාත්‍යංශය හැසිරීමය.දේශපාලන අත පෙවීමක් ලෙස “තහනමේ හේතුව” නිර්වචනය වන්නේ එතැනින්ය.


ඒ නිසා සැප්තැම්බර් 29 වන දා දක්වා ශ්‍රී ලංකාවේ තහනම ඉවත් කළ ද,එහිදී ක්‍රීඩා අමාත්‍යංශය විශාල කාර්යභාරයක් කරාය කියන කාරණාවලට අමතරව තහනම ඉවත් කිරීමේදී එහි සඳහන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනය අධීක්ෂණය යටතේ පවතින බව පෙන්වා දීමේ කාරණය පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශ්‍ය අවධානයෙන් සිටීම අතිශයින් වැදගත්ය.
අමාත්‍යංශයෙන් නිකුත් වී ඇති මාධ්‍ය නිවේදනයේ දී දක්වා ඇත්තේ “හිටපු පාපන්දු නිලධාරීන් ජාත්‍යන්තරයට දන්වා සිටීම නිසා පාපන්දුව දේශපාලන අත පෙවීමක් ලෙස හඳුන්වා තහනම් කළ බවය.”


එසේනම් අමාත්‍යවරයාට එදා නිලවරණයේදී පිළිනොගත් ව්‍යස්ථාවක් නිලවරණය වෙනුවෙන් පිළි ගෙන ගැසට් නිවේදනයක් නිකුත් කරන්න අවශ්‍යය නැත.තහනම ඉවත් කිරීමේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමඟ වූ එකඟතා සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයට ඇතුළත් කරන්නටත් අවශ්‍යය නැත.එසේනම් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය කිව යුත්තේ දේශපාලන අතපෙවීම් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සාවද්‍ය බැවින් තහනම ඉවත් කර එදා පැවත් වූ ආකාරයටම නිලවරණය පවත්වා පාළකයන් පත් කර ගන්නට අවසර දෙන බවය.නමුත් සිදු වී ඇත්තේ දේශපාලන අතපෙවීම් ලෙස ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට අරුත් දැක්වීමට කාරණා තිබුණු බවය.ඒවා අවම කර ගැනීම හෝ නිවැරදි කර ගැනීම වෙනුවෙන් යම් යම් ගැසට් නිවේදන නිකුත් කරන්නට වූ බව සහ යම් යම් එකඟතා ජාත්‍යන්තරය සමඟ ඇති කර ගන්නට වූ බව කියන්නට එම මාධ්‍ය නිවේදනවලින් නිහතමානී තත්ත්වයක් පිළිබිඹු වූවානම් වැදගත්ය.දේශපාලන කාර්ය භාරයක් ලෙස එවැනි නමනීය පෞරුෂයක් පාලකයා සතුව ඇති බව පෙන්වීම වෙනුවට ඔහු තද වැරදි නැති කරන සියලු දේ හරි යැයි සිතා සිටින උද්ධච්ච අයෙක් ලෙස පෙන්වීම අමාත්‍යවරයාගේ මාධ්‍යය කණ්ඩායම සිය වගකීම සේ තේරුම් ගෙන ඇත්නම් සහ අමාත්‍යවරයාට අවශ්‍යය ඒ දේ නම් කළ යුතු දෙයක් නැත.


“ක්‍රීඩා අමාත්‍යංශ පාර්ශවයෙන් මෙන්ම හිටපු පාපන්දු බලධාරීන්ගේ ද නොසැළකිල්ල සහ නොතේරුම්කම සහ අනවබෝධය මත සිඳු වූ වැරදි කිහිපයක් නිසා ජාත්‍යන්තර වශයෙන් පාපන්දු තහනමට ලක් විය.එහිදී දේශපාලන බලපෑම් මත ලෙස එම තහනම ඇතිවීමට බල පෑ කරුණු අමාත්‍යංශය පැත්තෙන් නිවැරදි කරන්නට මේ වන විට අවශ්‍යය පියවර ගෙන ඇති අතර නීතිමය වශයෙන් සිඳු විය යුතු වෙනස්කම් සහ නිලවරණය පැවත්වීමේදී සැළකිය යුතු කාරණා සම්බන්ධයෙන් ද අමාත්‍යංශය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමඟ සාකච්ඡා කර එකඟතාවයක් ඇති කර ගැනීමට සමත් වී ඇත.”


ක්‍රීඩා අමාත්‍යවරයා ද එතුමාගේ මාධ්‍ය කණ්ඩායම ද සාකච්ඡා කර මාධ්‍ය සාකච්ඡාවන්ට සහ නිවේදනයන්ට ප්‍රථමව ඉහත ඇත්ත සමාජගත කිරීමේ නිහතමානීත්වය සහ නිරන්තරයේනම නිවැරදිම දේ වන්නට දක්වන ලැබඳියාව සමාජ ගත කළේනම් මේ නිවේදනයේ තත්ත්වය යහපත් වීමට තිබුණ ඉඩ වඩාත් වැදගත් වන්නට තිබිණි.
ඒ නිසා මෙහිදී වඩාත් වැදගත් අවුරුද්ද උදා වී නැත.පැමිණ ඇත්තේ නොනගතය ය.තහනම ඉවත් කිරීම සමඟම සැප්තැම්බර 29 වන දා දක්වා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සහ ආසියානු සම්මේලනයේ අධීක්ෂණයට යටත්ව යන්න අවධානයට ගැනීම වැදගත්.එය අමතක කර අමාත්‍යවරයා කටින් කෙළ බිදක් හෝ හෙලීමේ අනතුරක් ඇත.


අමාත්‍යවරයා ක්‍රීඩා නීතිය ශක්තිමත් කිරීම සඳහා වන අවශ්‍යය සංශෝධන වෙනුවෙන් ජනමාධ්‍යවේදීන්ගේ සහය ඉල්ලීම යම් සාධනීය පියවරකි.නමුත් එහිදී ලෝකයේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ජාත‍්‍යයන්තර ඔලිමිපික් කමිටුව ගෙන ඇති පියවර පිළිබඳව සැළකිල්ල යොමු කිරීම වඩාත් වැදගත්ය.ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව හරහා ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වලට සුවිශේෂී වූ යම් යම් සුවිශේෂී නීතිමය අනන්‍යතා සමඟ ලෝකයටම බලපාන ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවේ නීති පද්ධතිය ගැලපෙන්නේ කෙසේද යන්න විමසා බැලීම සුවිශේෂ වන අතර දියුණු රටවල් එම රටවල ජාත්‍යන්තර ඔලිමිපික් කමිටු සමඟ සබඳතා පවත්වන ආකාරය සහ රජයේ සහ ඔලිමිපික් කමිටුවේ ඇති සමීපතා සහ ක්‍රියාත්මකවීමේ වෙනස්කම් සහ වගකීම්වල ඇති සමාන සහ අසමානතා පිළිබඳ අවධානය යොමු කිරීම මෙම නීතිය ශක්තිමත් කිරීමේ කාරණයන් හී දි අතිශයින් වැදගත්ය.


ඒ නිසා ක්‍රීඩා පණත ශක්තිමත් කිරීමේදී කඹය අමාත්‍යවරයාට සහ අමාත්‍යංශයට බැඳ ස්වාධීනව හැසිරීමට ඇති ඉඩ අඩු කිරීම වෙනුවට කඹය දිගු කිරීම අතිශයින් වැදගත්ය.එහිදී කඹයේ දිගට සරිලන ආකාරයට හැසිරෙන්නට නොහැකිවන පරිදි කඹය ඇඳෙන පාරේ හිරවිය හැකි යම් යම් අඟුල් යෙදීම නරක නැත.ඒ සඳහා රටේ පොදු නීතිය හරියටම යොදා ගැනීම වැදගත්ය.ඒවා වැරදි මූල්‍යමය භාවිතයකදී ප්‍රයෝජන ගැනීමට මිස ක්‍රීඩා සම්මේලනවලට නිදහසේ හැසිරෙන්නට නොහැකි වන ආකාරයට සිඳු කරන්නට යාම නොකළ යුතුය.එසේම ක්‍රීඩා සංගම් දෙකක් අමාත්‍යංශය හරහා සම්බන්ධතා නඩත්තු කළ යුතුය යන්න අතිශයින් බාධාකාරී තත්ත්වයක්ය.ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතා දුෂ්කර මොහොතක ශ්‍රි ලංකා මලල ක්‍රිඩා සංගමයට දුන් උදව්වක් කෙතරම් කාලයක අමාත්‍යංශය ලබා ගෙන මහා භාණ්ඩාගාරයට යවා මිදීම සිඳු වී නැත යන උදාහරණයම ගත හැකිය.අධික්ෂණය යනු අත පෙවීම සහ බලපෑම නොවන අතර ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම එතුමන් පත් කරගෙන ඇති කේවට්ට රැල ද එම තත්ත්වය තේරුම් ගෙන නව නීති සැකසීමේදී ලෝකයේ ක්‍රීඩා දැණුම ගැන අදාළ කමිටුවට අවබෝධයක් ගන්නට ජාතික ඔලිමිපික් කමිටුව හරහා ජාත්‍යන්තර ක්‍රීඩා නීති සම්බන්ධයෙන් උගත් නීති සම්පාදකයින් හා සාකච්ඡාවක් ගොඩ නඟා ගැනීම අතිශයින් වැදගත් වනු ඇත.


අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගෙන් බලාපොරොත්තු වන්නේ උපකාර වීම හැටියට අමාත්‍යවරයා ගනු ලබන තීරණ අනුමත කිරීම,ඒකත් පස්ව සිටීම,උත්කර්ශයට නැංවීම යන කරුණු නම් එය වැටෙන්නේ මාධ්‍ය රැකියාවට නොවේය.වන්දිභට්ට භූමිකාවන්ටය.ඒ නිසා මේ කරුණ ද සැළකිල්ල යෙදවිය යුතු කරුණක්ය.


කෙසේ මේ වන විට නිලවරණය පැවත්වීමේ බලය පැවරී ඇති කමිටුව නිලවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගෙන ඇත.එම තීරණළුලට අනුව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ධුරයට නාමයෝජනා භාරදුන් අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාල මහතාගේ හා එම පාර්ශ්වයේ තවත් නාමයෝජනා 04ක් ප්‍රතික්ෂේප කර ඇත.ඊට හේතු ලෙස දත්වා ඇත්තේ අනුබද්ධිත පාපන්දු ලීග්වල වසර 04ක ක්‍රියාකාරීත්වයක් නොමැති බවය.නමුත් ඒ සම්බන්ධයෙන් සැප්තැම්බර් 3 වන දා දක්වා අභියාචනා ඉදිරිපත් කිරීමට කාලය ලබා දී ඇත.සමහර විට පාපන්දු පරිපාලනය විසින් තහනම් කිරීම නිසා ඇති වූ තත්ත්වයන් නිසා කාලයේ සීමාව සළකුණු වීම මඟ හැරී ඇත්නම් අභියාචනාවේදී ඒ සම්බන්ධයෙන් සළකා බැලීමක් සිඳු වීමට ඉඩ ඇත.


මෙහිදී වැදගත් නිලවරණ කමිටුව අභියාචනාව සළකා බලන්නේ ද,අමාත්‍යවරයා විසින් සළකා බලන ලද අභියාචනයේ නිර්දේශ නිලවරණ කමිටුවට යොමු කරන්නේද යන්න විමසා බැලීමය.පරිස්සම් විය යුත්තේ එහිදී ය.කෙසේ හෝ වසර කිහිපයකට පසුව පත්වන ශ්‍රී ලංකා පාපන්දු නිලධාරීන් කවරෙක් වුව ද,ඔවුන් වෙනස් කළ යුත්තේ මේ දක්වා පැවති ක්‍රමවේදයය.පාපන්දු ක්‍රීඩාව ක්‍රීඩකයාට ඉපැයීම් මාර්ගයක් විය හැකි මට්ටමට ලෝකයේ අඩුම ප්‍රතිලාභ ඇති වෘත්තීය පාපන්දු ලීග නියෝජනය හෝ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩකයින් යොමු කිරිම වටින්නේය.ගුණාත්මකභාවය යනු දක්ෂතා සංවර්ධනය කරන්නට පුහුණු කඳවුරු පැවත්වීම හොද පුහුණුකරුවන්ගේ සේවය ලබා දීම පමණක් නොවේය.ක්‍රීඩාව ඉපැයීම් මාර්ගයක් බවට පත් විය හැකි තත්ත්වයට උසස් කිරීමය.ඒ සඳහා අවශ්‍යය නිදහස රටේ ක්‍රීඩාවට ලැබෙන ආකාරයට ක්‍රීඩා අමාත්‍යංශයට සහ අමාත්‍යවරයාට බැඳ ඇති නීතිමය සාධක ලිහිල් වීම වැදගත්ය.මීට දශක පහකට පෙර ආරම්භ කිරීම සඳහා සකස් කළ නීතිය ව්‍යහුය එම ප්‍රාථමික තත්ත්වයෙන් මිදී වඩාත් නිදහස් සහ පළල් සේවයකට යොමුවන්නේ කෙසේද යන්න ගැන කල්පනා කිරීම වටින්නේය.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan