කළු මුහුදේ ධාන්‍ය අපනයනය නවතීද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් කියා සිටින්නේ, කළු මුහුද හරහා යුක්‍රේන ධාන්‍ය ආරක්ෂිතව අපනයනය කිරීමට ඉඩ සලසන ගනුදෙනුවක් නැවත පණ ගැන්වීමේ අරමුණින් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ට නිශ්චිත යෝජනා මාලාවක් යවා ඇති බවයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ තුර්කි ජනාධිපති තායිප් එර්ඩෝගන් අතර හමුවක් පැවැත්වීමට නියමිත අතර එම හමුවේදී කළු මුහුදේ ධාන්‍ය අපනයනය ගැන සාකච්ඡා කිරීමට නියමිත බවයි.

තවද, රුසියාව පසුගිය ජූලි මාසයේදී ධාන්‍ය ගනුදෙනුවෙන් ඉවත්ව තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, කළු මුහුදේ ධාන්‍ය ගිවිසුම 2022 පෙබරවාරියේදී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග වඩාත් නරක අතට හැරුණු බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්න්වා දෙන්නේ, රුසියාව සහ යුක්‍රේනය යන රටවල් දෙකම ප්‍රමුඛ ධාන්‍ය අපනයනකරුවන් වන අතර මෙම ගිවිසුම අහෝසි කිරීම හේතුවෙන් ගෝලීය ආහාර අර්බුදයකට ඉඩ ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ පැවැති මහ...