රනිල් ජනාධිපතිවරණයට ආවොත් සජිත් යාල කැලේට!

Date:

කොළඹ LNW: ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ නම් වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට ඉදිරිපත් නොවන බව තමන්ට කැට තබා පැවසිය හැකි බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

එළඹෙන ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස කණ්ඩායම සිදු කරන්නේ ඩලස් හෝ මෛත්‍රීපාල හෝ අනුර දිසානායක හෝ ලණුව කන කෙනා බිල්ලට තල්ලුකර ඉන් මගහැරීම බවයි රංගේ බණ්ඩාර මහතා සඳහන් කරන්නේ.

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් සජිත් ප්‍රේමදාස නියත වශයෙන්ම යාල කැලේට පනිනවා. හැබැයි දැන් එයාට යාල කැලේ මදුරුවන් තලමින් කිනිතුල්ලන් කඩමින් ඉන්න ඕනේ නැහැ, ජනාධිපතිතුමා යාල හිල්ටන් හෝටලය විවෘත කරලා තියෙනවා.දැක්මක් සහ ඉලක්කයක් තියෙන, බය නැතිව තීන්දු තීරණ ගන්න පුළුවන් එකම නායකයා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි” යනුවෙන් එජාප මහ ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...