සවුත් වේල්ස් හි දිය ඇල්ලකින් කුඩා දරුවන් දෙදෙනෙකු බේරා ගැනීමට තැත් කළ තරුණයෙකුගේ අවසන් ගමන!

සවුත් වේල්ස් ප්‍රාන්තයේ දිය ඇල්ලකින් කුඩා දරුවන් දෙදෙනෙකු බේරා ගැනීමට උත්සාහ කළ 27 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Dyfed-Powys පොලිසිය පැවසුවේ ඉකුත් සිකුරාදා දහවල් මිනිසෙක් ළමයින් දෙදෙනෙකු බේරා ගැනීමට වතුරට පැන නැවත පිටතට නොපැමිණි බව වාර්තාවන බවයි.

සවස 4.40 ට පමණ සිද්ධියට අදාලව නිලධාරීන් Ystradfellte හි Sgwd y Pannwr දිය ඇල්ල අසබඩට පැමිණ ඇත.

එහිදී 27 හැවිරිදි මෝහනනීදන් මුරුගානන්තරාජාගේ සිරුර පස්වරු 7 ට පමණ පසු ගලවා ගැනීමේ හමුදාව විසින් සොයා ගන්නා ලදී.

සටහන – නිපුනි ලියනගේ