අහිංසක  ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන විශ්වාභංගයක් – කාවින්ද ජයවර්ධන

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවසා සිටියේ , සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය ආණ්ඩුව විසින් පරාජය කළ හොත් ඒ සමඟම මේ රටේ ජනතාව ද පරාජයට පත් වන බවයි.

ජයවර්ධන මහතා  වැඩිදුරටත් පැවසූවේ , විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව  ගේන්නේ සෞඛ්‍ය ඇමතිවරයා ගැන  තිබෙන  වෛරයකින් ක්‍රෝධයකින් නොව මෙරට අහිංසක ජනතාව ගැන හැඟීමක් තිබෙන නිසා බවයි .

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටී නැතැයි කිසිවකුට කියන්නට හැකියාවක් නැතැයි ද සෞඛ්‍ය  ක්ෂේත්‍රයේ කඩාවැටීම ගැන  සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වන්න සූදානම් බවද මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කීවේය.

රටේ සෞඛ්‍ය අර්බුදයක් තියෙනවා කියා පිලිගෙන එයින් ගොඩ එන්න වැඩපිළිවෙළ සකසන ලෙස ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...

කථානායකට එරෙහි විශ්වාසභංගයේ චෝදනා ආණ්ඩුවට ඕනෑ හැටියට සංශෝධනය කරන්න බෑ – විපක්ෂයේ දැඩි විරෝධය

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එල්ල වී...

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!

සටහන – පුලී ඔක්තෝම්බර් 27, LNW (කොළඹ): ලොව පාපන්දු ක්‍රීඩකයකුට හිමි...