වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය ආදායම් වාර්තාවකට සැරසෙයි!

කොළඹ LNW: වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයට අයත් වන ජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ජාතික සත්වෝද්‍යන දෙපාර්තමේන්තුව යන ආයතනවල ආදායම 2023 වසරේ මුල් මාස 06 තුළ පමණක් රුපියල් මිලියන 2148.6ක් ලෙස වාර්තාවේ.

එම දෙපාර්තමේන්තු තුනෙහි වාර්තාවලින් මේ බව තහවුරු කර තිබේ.

දෙස් විදෙස් සංචාරක පැමිණිමෙන් මෙම ආදායම උපයා ඇති අතර ඉකුත් 2022 වසරේ සමස්ත ආදායම රුපියල් මිලියන 2501.64ක් වන අතර මේ වසරේ සමස්ත ආදායම පසුගිය වසරව වඩා අගයක් ගතහැකි බව එම දෙපාර්තමේන්තු ප්‍රධානීහු පෙන්වා දෙති.

ඒ අනුව මෙම වසරේ ජූනි දක්වා වනජීවී දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 1612ක් වන අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආදායම සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම පිළිවෙලින් රුපියල් මිලියන 99.9ක් සහ රුපියල් මිලියන 436.7ක් වේ.

ඉකුත් වසර පුරාම වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම් පිළිවෙලින් රුපියල් මිලියන 1864ක්, රුපියල් මිලියන 102.55ක් සහ රුපියල් මිලියන 535.09 ක් විය.

වනජීවී දෙපාර්තමේන්තු ඉදිරි වර්ෂය තුළ සිය ආදායම වැඩිකරගැනීමට බුන්දල,නකල්ස් හා සිංහරාජ ජෛවගෝල රක්ෂිත මෙන්ම උඩවලව ජාතික උද්‍යානය තුළ සොබාදහම පදනම් කරගත් සංචාරක සැලසුම් සකස් කර තිබේ.

එමෙන්ම නව පුහුණු මධ්‍යස්ථාන යොදාගනිමින් විදේශ රටවල් සමඟ ඒකාබද්ධ පුහුණු වැඩසටහන් පැවැත්වීමටද එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවද සිය ආදායම් වැඩිකරගැනීම වෙනුවෙන් පාරිසරික උද්‍යාන (eco park) ඇති කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇත.

ඒ අනුව දැනට පාරිසරික උද්‍යාන ලෙස නම් කර ඇති ගලවිල,ගල්ඔය සහ හුරුළු පාරිසරික උද්‍යානවලට අමතරව තවමත් පාරිසරික උද්‍යාන ලෙස නම්කර නැති සිංහරාජ වනාන්තරය, කන්එළිය රක්ෂිතය, උඩවත්ත කැළේ රක්ෂිතය, ඇල්ල රක්ෂිතය යන රක්ෂිතවලටද ගොස් පරිසර සුන්දරත්වය විදීමට දෙස් විදෙස් සංචාරකයන්ට අවකාශ සලසා තිබේ.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවද දැනට සත්වෝද්‍යාන සතුව සිටින සතුන්ට අමතරව නව සතුන් ආනයනය කිරීමට පියවර ගෙන ඇති අතර නරඹන්නන්ට විනෝදාස්වාදය පිණිස නව අංග හඳුන්වාදීමටද ක්‍රියාකර ඇත.

එමෙන්ම පින්නවල අලි අනාථාගාරය තුළ සිටින අලි පැටවුන්ට සහ සත්වෝද්‍යන සතු අනෙකුත් ස්ථානවල සිටින සතුන් සඳහා සත්ත්ව සවිය මාපිය කැපකරු ක්‍රමය හඳුන්වා දී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...

කථානායකට එරෙහි විශ්වාසභංගයේ චෝදනා ආණ්ඩුවට ඕනෑ හැටියට සංශෝධනය කරන්න බෑ – විපක්ෂයේ දැඩි විරෝධය

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එල්ල වී...

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!

සටහන – පුලී ඔක්තෝම්බර් 27, LNW (කොළඹ): ලොව පාපන්දු ක්‍රීඩකයකුට හිමි...