ලක්විජයට චීන ඉංජිනේරුවන් බඳවාගන්නා බවට පැතිරන පුවත සාවද්‍යයි!

Date:

කොළඹ (LNW): නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා චීන ඉංජිනේරුවන්ගේ සේවාව ලබාගැනීමට සූදානම් බවට සති අන්ත පුවත්පතක් සහ සමාජ මාධ්‍ය ජාලාවල සංසරණයවන ලිපිය අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශයක් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

දැනට විදුලිබල මණ්ඩලයේ පවතින පුරප්පාඩුව සඳහා දේශීය ඉංජිනේරුවන් බඳවාගැනීම වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ පවත්වා එම පිරිසෙන් සුදුසු ඉංජිනේරුවන් බඳවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින අතර සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වූ 400 ට වැඩි පිරිසක් අතරින් 19 දෙනෙකු තෝරාගෙන බඳවාගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතා පවසයි.

ඒ අනුව ලක්විජය බලාගාරය සඳහා චීන ඉංජිනේරුවන් බඳවා ගන්නා බවට පලවන පුවත අසත්‍ය වන අතර පුරප්පාඩු සඳහා දේශීය ඉංජිනේරුවන්ගේ සේවය ලබාගැනීමට කටයුතු කරන බවත්, විදේශීය ඉංජිනේරුවන් බඳවා ගැනීම සඳහා අමාත්‍යංශය හෝ විදුලිබල මණ්ඩලය කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් හෝ අනුමැතියක් ලබාගෙන නොමැති බව දන්වා සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් දන්වා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි නීතිය දීර්ඝ කිරීමට අවධානය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට රජය...

සයිප්‍රසයේ පිහිටි RAF Akrotiri බ්‍රිතාන්‍ය යුද හමුදා මූලස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යය සිය ගුවන් කඳවුරු...

ඉරාන ප්‍රහාර හමුවේ ගල්ෆ් “ක්ෂේම භූමි” සුණු විසුණු වෙයිද ?

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග අර්බුදය බිඳ වැටුණු අනභිබවනීය...

රටේ තෙල් හිඟයක් නැහැ.අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න එපා – බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර...