සියඹලාපිටියගෙන් අලුත් වැඩක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සුරාබදු පනතේ බොහෝ අඩුපාඩු පවතින බව‍ත් , සුරාබදු පනත සංශෝධනය කිරීමට කඩිනමින් පියවර ගන්නා බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පවතින එම අඩුපාඩු සංශෝධනය කරමින්, ඊට කඩිනමින්  සංශෝධන ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා  සඳහන් කළේය.

“සුරාබදු ආඥා පනත අපේ රටේ තියෙන ඉතාම පැරණි ආඥා පනතක් අවුරුදු 100කටත් වැඩියි. මේක වරින් වර ඒ යුගයේ අවශ්‍යතා මත සුරාබදු නිවේදන 1,000කට වැඩි ප්‍රමාණයකින් යාවත්කාලීන කරගත්ත පනතක්. ඉතින් ඒ නිසා මේකට විශාල පැලැස්තර ප්‍රමාණයක් අලවාගත්ත රෝගියෙකු වගේ. පනතෙන් ආවරණය කරපු ආවරණයන් අද ප්‍රමාණවත් නැහැ. කෙළවරක් නැති සිදුරු නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේ සිදුරු සියල්ල වසලා සැබෑ රාජ්‍ය ආදයම ලබාගැනීම සඳහා අවශ්‍ය යවත්කාලීන කිරීම කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි සුරාබදු පනත වෙනස් කිරීම පිළිබඳව අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඊටත් අමතරව දැනට මේ සුරාසැල් ස්ථානගතවීම ආදිය කෙරෙහි සෘජුවම බලපාන්නේ 2008 දී ගෙන ආ 902 නිවේදනය. මේ නිවේදනයත් අපි කඩිනමින් යාවත්කාලීන කරන්න කටයුතු කරමින් යනවා”   ලෙස රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...