ෆොර්ඩ් ගේ ඩ්‍රොප් ගෝල් වික්‍රමය

Date:

එංගලන්ත රග්බි කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ආර්ජෙන්ටිනාවට එරෙහිව ජය ගත්තේ ලකුණු 27 – 10 ක් ලෙසය.එහිදී එංගලන්තය වෙනුවෙන් එම ලකුණු 27 ම වාර්තා කළ ජෝර්ජ් ෆොර්ඩ් තරගයේ වීරයා ද විය.
ෆොර්ඩ්ගේ දක්ෂතාවය ලකුණු 27 ක් රැස් කිරීම නොවේය.එය ලබා ගත් ආකාරයය.තරගය මුල සිටම උද්වේගයෙන් පිරී තිබිණ.ඒ නිසාම ප්‍රවේගාකාරී ස්වරූපය මෙන්ම ක්‍රීඩකයන්ගේ ආවේගකාරී හැසිරීම් ද අඩුවක් නැතිව තිබිණි.

ඒ තත්ත්වය තුළ ක්‍රීඩකයෙකුට නිවැරදිව රගර් පන්දුවට පාදයෙන් එල්ලය ලබා ගැනීම පහසු එකක් නොවේය.දක්ෂතාවය තරමටම මානසික ඒකාග්‍රතාවය පිරුණු මනා සංයමයක් සහ ශික්ෂණයක් තිබිය යුතුය.පාදයෙන් ලකුණු ලබා ගන්නට ඇති අවස්ථා තුන වන නිදහස් පහර,ප්‍රවර්ථනය සහ ඩ්‍රොප් ගෝලය යන අවස්ථා තුනෙන් දෙකටම පන්දුවේ හැඩය ඉලක්කයට කළමණාකරනය කර ගැනීමට පන්දුව තැබීමට ආධාරකයක් ද හිමි වන්නේය.නමුත් ඩ්‍රොප් ගෝලයේ දී එවැනි උපකරණ මෙන්ම ඉලක්කය සකසා ගැනීමට ඉඩක් ද නොලැබෙන්නේය.ක්ෂණිකව ඉලක්කය ගැනීම මෙන්ම,මාර සේනාවක් සේ තමන් වෙත වේගයෙන් කඩා පනින ප්‍රතිවාදීන් සිය සිරුර ස්පර්ශ කරන්නට ප්‍රථමයෙන් ක්ෂණිකව එම තීරණය ගත යුතුය.

ජෝර්ජ් ෆෝර්ඩ් විශිෂ්ඨයෙක් වන්නේ තරගයේ අති ප්‍රවේගකාරි සහ ආවේගකාරී ක්‍රීඩා රටාව ඇතුළේ තමන් වාර්තා කළ ලකුණු 27 ට ඩ්‍රොප් ගෝල තුනක්ම එක් කිරීම නිසාය.ඉන් දෙකක්ම මීටර් 50 ට ආසන්න දුරක සිට වීම ඒ විශිෂ්ඨත්වයට හොඳම උදාහරණයක්ය.
පන්දුව තමා අතට පත් වූ සැනින්,ප්‍රතිවාදියාගේ ස්පර්ශශය නොලැබෙන්නට ෆොර්ඩ් ක්‍රියාත්මක විය.විශාල දුරක සිට,නිවැරදි එල්ලය මනා සංයමයක් සහිතව ක්ෂණිකව ලබා ගැනීමට ඇති හැකියාව වීරත්වයක් පමණක්ම නොව,කිසිවෙකුට පහසුවෙන් සමාන වන්නට අපහසු ක්‍රියාවකි.නමුත් ෆෝර්ඩ් ගේ මේ ඩ්‍රොප් ගෝල ප්‍රහාරය සමඟම 2003 දී එංගලන්තයට ලෝක සූරතාවය දිනා දෙන්නට මුල් වූ ජොනි විල්කින්සන් සිහිපත් කරන්නට පටන් ගෙන ඇත.එවර ලෝක සූරතාවය එංගලන්තයට හිමි වන්නට බලපෑවේ ප්‍රධාන වශයෙන්ම විල්කින්සන්ගේ ඩ්‍රොප් ගෝල ගෝල ලබා ගැනීමේ සුවිශේෂීතාවය ය.

ඒ නිසා සෙසු රටවල් පළමු තරගයෙන්ම පෙන් ජොර්ජ් ෆොර්ඩ් හෙළිදරව් කළ ඔහු සතු සුවිශේෂී හැකියාව ගැන අවධානය යොමු කරන්නට කටයුතු කරනු ඇති බවට සැක නැත.එම හැකියාව නැවත්වීමට අපහසු එකකි.ක්ෂණිකව ප්‍රතිවාදියා සමීප වීමට ප්‍රථම නිසි ඉලක්කයට පා පහර දීමේ ෆොර්ඩ් හැකියාවට විලංගු දැමීමට ඒ මොහොත නොවන තවත් අවස්ථා ගණනාවක් රගර් පිටිය තුළ ඇත.ඒ නිසා එංගලන්තය ෆොර්ඩ් පරිස්සම් කර ගත යුතු වන්නේය.ඔහු ද සිය පරිස්සම ගැන වඩාත් සැළකිලිමත් විය යුතුය.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...