ගෙවුණු දින 10ට ඩෙංගු රෝගීන් 900 ඉක්මවයි!

කොළඹ LNW:ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම නැවත වරක් ඉහළ ගොස් තිබෙන අතර මෙම මස ගෙවුණු දින 10 තුළ එම රෝගීන් 960ක් වාර්තා වී තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන අන්දමට පසුගිය මාසයේ ඩෙංගු රෝගීන් 5189ක් වාර්තා වී ඇත.

ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එය 50% ඉක්මවා තිබීම විශේෂත්වයකි.

පසුගිය දිනවල එම රෝගීන් වාර්තා වීමේ අඩුවක් පෙන්නුම් කර තිබුණ ද වැසි සහිත කාලගුණය හේතුවෙන් යළිත් රෝගීන් වාර්තා වීම වැඩිවෙමින් පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...