*
Monday, October 7, 2024
spot_img

Latest Posts

සයිබර් ප්‍රහාරයෙන් දත්ත මැකිලා – ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා මහතා සඳහන් කළේ ,රජයේ කාර්යාලයවල විද්‍යුත් ලිපිශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය නයන් ඉලක්ක කරගනිමින් එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක දත්ත අස්ථාන ගත වී ඇති බවයි.

පසුගිය මැයි මස 17 වන දින සිට අගෝස්තු මස 26 වැනිදා දක්වා කාලය තුළ මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බවත්, කැබිනට් කාර්යාලය ඇතුළු රජයේ කාර්යාල 300ක විද්‍යුත් ලිපිනයන් 5,000ක පමණ තොරතුරු අස්ථාන ගත වී ඇති බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසයි.

මේ පිළීබඳව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා මහතා පැවසූවේ,

අපේ ICT ආයතනයෙන් ඊමේල් පහසුකම ලබාදීලා තියෙනවා රජයේ ආයතන කිහිපයකට. මධ්‍යම ඊමේල් පහසුකම් නැති ආයතන කිහිපයකට. ඒ පද්ධතිය 2007 වසරේ ඉඳලා අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. 2013 වසරේ ස්ථාපනය කරන්න යෙදුන ඊමේල් පද්ධතිය මේ වනවිට කල් ඉකුත් වු තත්ත්වයක් තමා වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ පද්ධතිය විවිධ වූ සිකියුරිටි ඇටෑක්වලට පත්වෙලා තියෙනවා. ඒ අනුව ඇටෑක් එකක් ඇවිත් තියෙනවා අගෝස්තු 26 වනදා ඒ සමගම ඒ පද්ධතිය භාවිතයට ගතහැකි තත්ත්වයෙන් ඉවත්වෙලා තියෙනවා. 2014 පස්සේ මේ වෙනකල් යාවත්කාලින කිරීමක් කරලා නෑ. 2021 සහ 2022 උත්සාහ කරලා තියෙනවා යාවත්කාලීන කරන්න. නමුත් ඒකට හැකියාවක් ලැබිලා නෑ. දැනට ICT ආයතනය ඉදිරියේදී මෙවැන්නක් සිදුනොවෙන්න අවශ්‍ය යාවත්කාලීන කටයුතු හා පරිපාලන කටයුතු ශක්තිමත්ව කරගෙන යනවා.” යනුවෙනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan