භූ කම්පනය ගොඩබිමේ සිදුවුණා නම් අනතුරක් වෙන්න තිබුණා!

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකාවට ඊසාන දිග මුහුදේ මඩකලපුව සිට කිලෝ මීටර 310ක් පමණ මුහුද දෙසින් අද (11) අළුයම 01.29ට පමණ සිදු වූ භූ කම්පනයෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමේ අවධානමක් නොතිබුණත් මෙවැනි භූ කම්පනයක් ගොඩබිමේ සිදුවුවහොත් විශාල හානියක් සිදුවීමේ අවධානමක් නැතත් සුළු හානියක් සිදුවීමට හැකි බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ සංජීව හෙට්ටිආරච්චි මහතා පවසයි.

මුහුදේ සිදුවූ භූ කම්පනයක් නිසා ජනතාවට එහි දැනීමක් සිදුව නොතිබුන බවයි හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ.

එහි විශාලත්වය සටහන්ව තිබුණේ රිච්ටර් මාපාංක 4.6ක් ලෙස බවද ඔහු කියාසිටියි.

10KM වඩා අඩු ගැඹුරකින් මෙම භූ කම්පනය සිදුව තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...