සංචිත වෙනස් වන්නේ මෙහෙමයි – සියඹලාපිටිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වන විට ද්විපාර්ශ්වික ණය හැර සෙසු ගෙවීම් සිදුකරන බැවින් සංචිතවල වෙනස් වීම් සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් බවත් , මෙරට දැනට පවතින විදෙස් සංචිත ප්‍රමාණය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවන්ට සහ රජයේ ඉලක්කවලට ළඟා වී ඇති බවත්  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටී.

ඒ පිළිබඳ අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“අපි සංචිත ඍණ වෙලා හිටියා. ඇත්තෙම නෑ. දැන් අපි ළඟ ඩොලර් බිලියන 3.6ක සංචිත ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන්ම මේක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග අපි ඇති කරගත් එකඟතා ප්‍රමාණයත්, ඒ ඉලක්කවලටත් ළඟාවෙලා තියෙනවා. ඒ අතරේ අපිට සංචිත පාවිච්චි කරන්න වෙනවා. සමහර වෙලාවට රුපියලේ අගය වැඩිකර ගැනීම වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දැන් ණය ගෙවන්නේ නෑ කිව්වට එහෙම වෙන්නේ විදේශීය ද්විපාර්ශවික ණය පමණයි. අනිත් ඒවා ගෙවනවා. ඒ අවස්ථාවල විවිධාකාරයෙන් අපේ සංචිත කළමනාකරණය කරගන්න අපිට සිදුවෙනවා. ඒ ගැන කලබල විය යුතු නෑ. අපිට බැලිය යුත්තේ අපි හිටපු තැන සහ අද ඉන්න තැන. ඒ ගැන තමා අපි කල්පනා කළ යුත්තේ.”  ලෙස පැහැදිලි කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...