ඥානසාර හිමි වරද පිළිගනී. ලක්ෂ 3ක් ගෙවන්න නියෝග !

Date:

කොළඹ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට බලහත්කාරයෙන් කඩාපැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබුණු නඩුවකට වරද පිළිගත් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිසකට පැමිණිලි පාර්ශ්වය වෙත රුපියල් ලක්ෂ 3ක මුදලක් ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කර තිබේ.

ඒ එම නඩුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

2014 අප්‍රේල් 09 වනදා වටරැක විජිත හිමි විසින් කොළඹ නිපෝන් හෝටලයේ පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකට නීතිවිරෝධී ආකාරයෙන් ඇතුළු වී සාපරාධී බලහත්කාරය පෑම, නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වීම ඇතුළු චෝදනා කිහිපයක් මත ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු 7 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

එහිදී ඥානසාර හිමි ඇතුළු විත්ති පාර්ශ්වය විවෘත අධිකරණයෙහි වරද පිළිගැනීමෙන් අනතුරුව මෙසේ දඬුවම් නියම කෙරුණු අතර අනෙකුත් චෝදනා සම්බන්ධයෙන් අවවාද කරමින් සමථ වීමට මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශ්වයට අවසර ලබාදී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගයට නීත්‍යානුකූලභාවයක් නෑ?

කොළඹ LNW:පවතින නීතිමය පසුබිම මත නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග...

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...