ඇපල් සමාගමේ නවතම iPhone පෙළ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro සහ iPhone 15 Max ලෙස ලෝක ප්‍රකට ඇපල් සමාගම විසින් සිය නවතම මාදිලියේ iPhone නිෂ්පාදන පෙළ එළිදක්වා ඇත.

එසේ ගෙන ආ iPhone 15 හි සුවිශේෂී වෙනස්කම් දක්නට නොලබුණත් , lightning charging port වෙනුවට USB-C charging port එකක් හඳුන්වාදීම මෙහි සිදුව ඇති විශාලතම වෙනස්කම ලෙස සැලකේ.

මෙය පාරිභෝගිකයින්ට ජීවිතය පහසු කිරීමටත්, මුදල් ඉතිරි කිරීමට සහ චාජර් නැවත භාවිත කිරීම දිරිමත් කිරීම මගින් විද්‍යුත් අපද්‍රව්‍ය අවම කිරීමට උපකාර කිරීම සඳහා පියවර ගන්නා ලෙසත්, මීට යුරෝපා සංගමය ඇපල් සමාගමට සිදු කර තිබූ දැනුම්දීමට ප්‍රතිචාරයක් ලෙස සිදු කළ හඳුන්වාදීමක් ලෙස විචාරකයින් පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, ඇතැමුන් අනතුරු අඟවන්නේ මෙම පියවර ඉදිරි වසරවලදී ඉවතලන කේබල් ඉහළ යාමට හේතුවක් වනු ඇති බවයි.

ටයිටේනියම් ආවරණයකින් සමන්විත වර්ණ කිහිපයකින් යුත් ඇපල් සමාගමේ මෙම නවතම දුරකතන පෙළ දීප්තිමත් තිර සහ වැඩිදියුණු කළ කැමරාවලින් ද සමන්විත වන අතර , iPhone 15 Pro එක්සත් රාජධානිය තුළ පවුම් 999 සිට ඉහළට මිල නියම වනු ඇති බව ඇපල් සමාගම නිවේදනය කරයි.

මේ අතර ඇපල් සමාගම තාක්ෂණයෙන් වඩාත් දියුණු නව Apple Watch මාලාවක් ද මේ සමගම එළිදැක්වී සිදුවිය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...