වතුකරයේ පවුල්වලට තිරිඟු පිටි සහනාධාරයක් – සෑම ග්‍රාමසේවා වසමකම තෝරාගත් පවුල්වලට 2000 ක සහන මල්ලක්

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහනාධාර ලබාදීමට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

සෑම ග්‍රාම නිළධාරී කොට්ඨාසයකම තෝරාගත් පවුල් 40 ක් සඳහා රුපියල් 2000 ක් වටිනා සහන මල්ලක් ලබාදීමට තීරණය කර තිබේ. සහන මල්ල සඳහා සුදුසුකම් ලබන පවුල් සඳහා ඩිජිටල් කාඩ්පතක් ලබාදෙන අතර එම කාඩ්පත භාවිතා කරමින් සුපිරි වෙළඳසැල් හරහා රුපියල් 2000 ක් වටිනා භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව හිමි වේ.

මීට අමතරව වතුකරයේ පවුල් සඳහා මාසිකව තිරිඟු පිටි කිලෝග්‍රෑම් 15 ක් ලබාදීමට නියමිතය. වතුකරයේ පවුල් 115,867 ක් සඳහා මෙම සහනය හිමිවනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...