රටේ සැබෑ ප්‍රශ්නය අඳුනගෙන අවසන් – චරිත

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වර්තමානයේ දී රටට අවශ්‍ය වී ඇත්තේ ජාතික ආර්ථිකය ගොඩනැගීම සඳහා වන පුළුල් එකඟතාවක් මිස විපක්ෂයේ ඇතැමුන් පවසන බෙදීමක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසයි. තවද රටේ සැබෑ ප්‍රශ්නය අඳුනගෙන ඇති බවත් ,ඒ වෙනුවෙන් ජාතික දේශපාලනය පිරිසුදු කරන, මදාවි කරණය පාතාල කරනය පිටුදකින අලුත් ගමනක් ආරම්භ කරමින් සාර්ථකව ඉදිරියට යන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එහිදී චරිත හේරත් මහතා පැවසූවේ,

නිදහස ජනතා සභාව අලුත් දේශපාලන ගමනක් ආරම්භ කර තිබෙනවා ..අපිට දේශපාලන වැඩපිළිවෙළක් සහ ආර්ථික වැඩපිළිවෙළක් මේ වන විටත් තිබෙනවා . මේ රටේ සැබෑ ප්‍රශ්නය අපි අඳුනගෙන තිබෙනවා . ඒ වෙනුවෙන් ජාතික දේශපාලනය පිරිසුදු කරන , මදාවි කරණය පාතාල කරනය පිටුදකින අලුත් ගමනක් අපි ආරම්භ කරමින් සාර්ථකව ඉදිරියට යනවා .

මේක පුළුල් ජාතික වැඩසටහනක්. සමහරුන්ට මේක තේරෙන්නෑ තාම වේදිකා මත කියන්නේ පුහු වීරකාව්‍ය . අර පක්ෂයට ඡන්දෙ දීපු අය අපිට ඡන්දෙ දෙන්න එපා . අරකෙ ඉන්නේ ඔක්කොම හොරු.මෙහෙම කිය කිය මේ කරන්න හදන්නේ මොකක්ද මේක ජනතාව තේරුම් ගත යුතුයි. මේක රනිල් වික්‍රමසිංහ ගෙම කොන්ත්‍රාත්තුව වෙනත් විදිහකට කිරීමත් . මේකෙන් හදන්නේ වෙන විදිහකට ඔහුට පාර කපන්ඩ . ඒ නිසා අපි කියනවා ඔය වේදිකා වල බොරු කවි කියන උදවියට .

මේක බරපතළ කාරණාවක් සේ හිතලා රට වෙනුවෙන් පුද්ගල ප්‍රමුඛ නොකර වැඩපිළිවෙළක් ඉස්මතු කරන ආකාරයේ දේශපාලන ගමනක් ආරම්භ කිරීමට
එක්ව කටයුතු කිරීමට කල්පනා කරන ලෙස . අපි අතර බෙදීමක් නෑ අපි එකට කටයුතු කරමින් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිනවා
” යනුවෙන් පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...