*
Wednesday, October 9, 2024
spot_img

Latest Posts

බදුල්ලෙන් මතුවූ මැණිකක්..

රත්නපාල ගමගේ (ස්විස්ටර්ලන්තයේ සිට)

ස්විස්ටර්ලන්තය (LNW): ගායන ලෝකයට පියමං කිරිමේ අදහසින් තරුණ තරුණියන් පැමිණෙන රියැලිටි තරඟයක් වූ දෙරණ රූපවාහිනිය මෙහෙයවන ඩ්‍රීම්ස්ටාර් සීසන් 11 හෙවත් 11 වැනි තරග වාරයේ ඕපාදූප සොයමින් සිටින අතරතුරදී යෞවනයින් සමඟ උරෙන් උර ගැටෙන තවමත් පාසල් යන හිරිමල් වයසේ පුංචි කොලු ගැටයකු මුණගැසුණු ඔහු සමඟ කෙටි පිළිසඳරක් කරන්නට සිත්විය. මේ ඒ කෙටි පිළිසදරයි.

ඔමු පා තබා ඇත්තේ ඩ්‍රීම්ස්ටාර් කිරුල පසුපස දුවන යෞවනයින්ගේ සිහින පාරාදීය නමින් උපේක රුක්ෂාන් සෙනෙවිරත්නය. වයස අවුරුදු 17 කි. බදුල්ල ඔහුගේ ගම්පියසයි.පියා ආර්.ඒ.සෙනෙවිරත්නය. ඔහු වෙළඳ ව්‍යාපාරිකයකි.මව ගෘහණියක් වන අතර උපේක වැඩිමල් සොයුරෙක් සිටියි. ඔහු ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙකි. උපේක අධ්‍යාපනය ලැබුයේ මුලින්ම බදුල්ලේ ධර්මදූත විදුහලෙනි. 6 වසරේ සිට අධ්‍යාපනය ලබන්නේ බදුල්ල මධ්‍ය මහා විදුහලේය. උපේක මේවන විට මධ්‍ය විදුහලේ විදුහල්පති ආචර්ය මණ්ඩලය සහ සිසුන් සමුහයට එකම බැම්මක් සේ ඔහු වටා සිටිති.

උපේකගේ සංගීත අභ්‍යාසය ආරම්භ වන්නේ වයස අවුරුදු 4 සිටය. ඔහුට මිහිරි හඬින් ගීත ගායනා කළ හැකි නිසා ඒ බව හඳුනගත් සංගීත කණ්ඩායමක නායකයකු වූ විජේදාස රත්නායක මහතාට භාරදෙනු ලැබීය. රත්නායක මහතාගේ සෙවණේ සිට සංගීත අත්පොත් තබන උපේක මේ වන විට ගායනා අංශයෙන් ඉහළම විභාගයක් වූ විශාරද විභාගයෙන් සමත්ව සිටිති. මංජුල ප්‍රනාන්දු සහ විජේදාස රත්නායක යන මහත්වරු හැරුණු විට සංගීතයත් සමඟ නැගී සිටිමට උරදුන් තවත් දෙදෙනක් සිටිති. ඒ බදුල්ල මධ්‍ය මහා විදුහලේ සංගිතය භාර  ආචර්යවරයා වූ තුසිත සර් සහ ඉෂාර ඩයස් යන මහත්වරුන්ය. තවත් බොහෝ අය තම සංගීත ගමනට උදව් උපකාර කළ බව කෘතවේදීව සිහිපත් කරයි.

ඔහු අධිෂ්ඨානශීලි තරුණයෙක් බව ඔහුගේ ජිවිත කතාව කියවීමේ දී හෙළිදරව් විය. ඒ 2012 වසරේ දී මුලින්ම (little star) තරගයට ඉදිරිපත් විමය. ඉන් ඔහුට ලබාගත හැකිවුයේ අවසන් 10 දෙනාගේ ස්ථානයක් පමණි. එයින් ලැබූ පන්නරය ඊළඟට යොදා ගත්තේ මේවර 2023 ඩ්‍රිම්ස්ටාර් 11 වැනි තරගවාරය ජයගැනීමය. ඔහුගේ ඉලක්කයට තරඟවාර 25 දී විශාල බාධාවක් පැමිණෙන්ට ගොස් අවසන් මොහොතේදී එය වැළකී ගියේය. ඒ අඩුම මනාප ලැබූ අන්තිම දෙදෙනාගෙන් කෙනෙකු වී වේදිකාව අතහැර යන්නට ඔන්න මෙන්න වෙද්දී අපලය අනිත් තරුණයා වෙතට පාත්විය. ඉන්පසු අධිෂ්ඨාන ගිලිවූ ඔහු  පසුගිය අවස්ථා දෙකකදීම මනාප ලක්ෂය ඉක්මවා වාර්තාගත මනාප හිමිකරගනිමින් ප්‍රථමයා වන්නට හැකිවිය.

ඔහුගේ මුවින් ගැයෙන ගීත මිහිරිය සුනිල් එදිරිසිංහ, පණ්ඩිත් අමරදේව, අමරසිරි පිරිස් වැනි ගායකයින්ගේ ගීත ගැයිමට උපේක කැමැතිය. ඒත් එය ඔවුන්ගේ හඬින්  නොවේ. තමන්ටම ආවේණික හඬකිනි. ස්ත්‍රී පුරුෂ සම්ඝෝගය විදහා දක්වන මධුර මනෝහර තනුවක් වූ ‘මධු චන්ද්‍රයා’ නැමැති කසුන් කල්හාර ගයන ගීයට නොදෙවෙනි හැඟිම් සමුදායක් 17 වියැකි හිරිමල් වියේ තරුණයෙකුගේ සිත තුල යොමු කලේ කෙසේ දැයි ලියුම්කරු විමසීය. ඔහු ඔයට දුන්නේ කෙටි පිළිතුරකි. මුලින්ම ගීතයේ ස්වර මාලාව අධ්‍යයනය කරනින. ඊළඟට ගීතයේ අර්ථය සොයා බලනවා. ඊට පසුව ගීතයට අවශ්‍ය හැඟිම් මුසුකර ගීතය මුදාහරිනවා යයි කීය.

ඔහු සමඟ සටන් වැද සිටින්නේ ඔහුට වඩා වයසින් වැඩි තරුණ තරුණියන්ය. ඔවුන්ගෙන් නොමද සහයක් ලැබෙන බව උපේක කියයි. අපි බොහොම සමගියෙන් ඉන්නේ.කවුරු දිනුවත් ප්‍රශ්නයක් නෑ. උපේක කීවත් කිරුල දඩයම් කිරිම ඔහුගේත් අන් අයගේත් එකම බලාපොරොත්තුවයි.උපේක එලෙස බලාපොරොත්තු දැල්වෙද්දී කිසිවක් නොමැති උපේකලා දහස් ගණනක් අප අතර සිටින බව අමතක කළ යුතු නොවේ. අවසානයේ අපි අපෙන්ම අසාගත යුත්තේ මේ උපේක හැර තවත් උපේකලා සිටිත්ද? මේ උපේකත් ඒ උපේකලාත් හැර තවත් උපේකලා සිටිත්ද? යනුවෙනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan