*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 09/21

  1. මාස 03 සහ මාස 06 භාණ්ඩාගාර බිල්පත්වල “කපා හැරීමේ” පොලී අනුපාත පිළිවෙලින් මූලික ලකුණු (bps) 25 සහ 115 කින් තියුනු ලෙස ඉහළ යයි: අඩු දායකත්වයක් මත මාස 12 බිල්පත් සඳහා අනුපාත සුළු වශයෙන් පහත වැටේ: ඉදිරි මාස 12 තුළ මතුවිය හැකි ගැටළු විශාල ප්‍රමාණයක්, නව මහ බැංකු පනත යටතේ භාණ්ඩාගාර බිල්පත් සඳහා දායක වීමට මහ බැංකුවට ඇති නොහැකියාව, සහ දේශීය ණය ශ්‍රේණිගත කිරීම් “සීමිත පැහැර හැරීම” (Restricted Default) දක්වා පහත වැටීම මත භාණ්ඩාගාර බිල්පත්වල අයෝජනයකළ විදේශ ආයෝජනවල නික්ම යාම හේතුවෙන් මෙකී අනුපාත තවදුරටත් ඉහළ යනු ඇතැයි විශ්ලේෂකයෝ අපේක්ෂා කරති.
  2. 2024 යල කන්නයේ දී දැඩි නියං තත්ත්වයක් ඇති විය හැකි බවට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අනතුරු අඟවා ඇති අතර, එබැවින් ගොවීන් ඒ සඳහා සූදානම් විය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි: වැසි ජලය යොදාගනිමින් වී වගාව ආරම්භ කරන මෙන් ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියි.
  3. මෙරට දූෂණ මර්දන කොමිෂන් සභාවට විධිමත් පුහුණුවක් සහිත කාර්ය මණ්ඩලයක් මේ වනවිට බඳවා ගනිමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: නව දූෂණ විරෝධී නීතියේ ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම සඳහා තවත් වසරක් අවශ්‍ය වනු ඇති අතර, එය සාක්ෂාත් කර ගැනීම සඳහා දළ වශයෙන් වසර 2 ක කාලසීමාවක් ගත වනු ඇති බව පවසයි.
  4. “මාරාන්තික උපවාස” කළ එල්ටීටීඊ සාමාජික තිලීපන්ගේ 36 වන ගුණානුස්මරණය වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් පොලීසිය විසින් කළ ඉල්ලීම වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි.
  5. 2030 වන විට ඩිජිටල් ආර්ථිකය හරහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ඇ.ඩො. බිලියන 15.0 ක දායකත්වයක් ලබා දෙනු ඇති බව තොරතුරු තාක්ෂණ සම්මේලනයේ සභාපති ඉන්දික ද සොයිසා පවසයි: ඩිජිටල් ආර්ථිකය දැනට දළ දේශීය නිෂ්පාදිතයට ඇ.ඩො. බිලියන 3.7 ක දායකත්වයක් සපයයි.
  6. ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම්වලට සමගාමීව රාජ්‍ය නායකයන් සහ ප්‍රභූවරුන් කිහිප දෙනෙකු හමුවී “සුහද සහ ඵලදායී සාකච්ඡා” පවත්වයි: ඔවුන් අතර, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් (Yoon Suk Yeol), ලෝක බැංකු සභාපති සභාපති අජේ බංගා (Ajay Banga), බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා (Sheikh Hasina), ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් (Samantha Power), මෙටා සමාගමේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් (Sir Nick Clegg), පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland), ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (Kristalina Georgieva), ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිද් ඊබ්‍රහිම් රයිසි (Seyyed Ebrahim Raisi), සහ නේපාල අග්‍රාමාත්‍ය පුෂ්පා කමල් දහල් (Pushpa Kamal Dahal) වෙති.
  7. “කොළඹ වරාය නගරය” “කොළඹ මූල්‍ය නගරය” ලෙස නැවත නම් කිරීමට රජය සැලසුම් කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි: එක්සත් රාජධානියේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ද සමඟ ඉදිරි සතියේදී මෙම නව නාමය දියත් කිරීමට කටයුතු යොදා ඇත: වරාය නගරය, මුහුදෙන් ගොඩකරන ලද හෙක්ටයාර 269ක භූමි ප්‍රමාණයකින් යුක්ත වන අතර වරාය නගර කොමිෂන් සභාව සඳහා වන නීති 2021 මැයි 20 වන දින සම්මත කරන ලදී.
  8. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුමට ප්‍රවේශ වීමේ උපාංගය එක්සත් ජාතීන්ගේ පරිශ්‍රයේ තැන්පත් කරයි: ඒ අනුව, මෙම ගිවිසුමට අත්සන් තැබූ 69 වන රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත්වෙයි.
  9. 2023 ආසියානු ක්‍රිකට් ක්‍රීඩා උළෙල සඳහා 15 දෙනෙකුගෙන් යුත් තරුණ ක්‍රිකට් කණ්ඩායම ප්‍රකාශයට පත් වෙයි: නායකත්වය සහන් ආරච්චිගේ ගෙන්: ජාත්‍යන්තර වරම් ඇති අය අතර, අශේන් බණ්ඩාර, නුවනිදු ප්‍රනාන්දු සහ නුවන් තුෂාර වෙති: අනෙක් අයගෙන් බහුතරය ලංකා ප්‍රිමියර් ලීග් (LPL) වෙනුවෙන් පෙනී සිටි අය ය.
  10. ලෝක කුසලානයට පෙර නායකත්වයේ වෙනසක් සිදු නොවන අතර, 2023 ICC ලෝක කුසලාන තරඟාවලියේ දී දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග තහවුරු කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan