ඔබත් ජලභීතිකා රෝගය ගැන දැනුවත් ද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය වසර කිහිපය තුළ  ජලභීතිකා රෝගයට ගොදුරු වී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.  ඒ සුනඛයන් නොවන සතුන් සපා කෑම් හේතුවෙනි.

ජලභීතිකා රෝගය පිළිබඳ නොදැනුම්වත් බව මෙම මරණ ඉහළ යාමට හේතු වී ඇති බව එම අමාත්‍යාංශයේ ජලභීතිකා මර්දන අංශයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය හේෂාන් ගුරුගේ මහතා පවසයි.

වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියේ,

”පසුගිය වසර කිහිපය තුළ සිදු වුණ මානව මරණ අධ්‍යයනය කරද්දි සුනඛයෝ නොවන සතුන් ගෙන් පවා පොඩි වැඩි වීමක් පේනවා ජලභීතිකාවට ගොදුරු වුණ පුද්ගලයන්ගේ. සමහර අවස්ථාවල එම සතා මොකෙක් ද කියලා වත් දැනගන්න බැරි අවස්ථා තියනවා. මත්පැන්වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයන් කිහිප දෙනෙක් ම මහා මාර්ග අසල ගොඩනැඟිලි අසල නිදාගෙන ඉඳලා උදේට නැඟිටලා බලනකොට මොකෙක් හරි සතෙක් කාලා, හපලා ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලො ගණං ගන්නෙ නෑ. ඒ පුද්ගලයන්ට ටික දවසක් යනකොට ජලභීතිකාව රෝග ලක්ෂණ මතු වෙනවා. ඒ වගේ සිද්ධි කිහිපයක්ම පසුගිය වසර දෙක තුනකම අපට වාර්තා වුණා. ඕනෑම සතෙකුගේ සපා කෑමක්, හීරීමක දී නිසි ප්‍රථමාධාරයක් සිද්ධ කරන්න ඕනේ. සබන් යොදා ගලන ජලයෙන් තුවාලය සෝදන්න. ගෙදර තියනවා නම් ස්පිරිට් හරි, බෙඩඩින් වගේ අයඩීන් ද්‍රාවනයක් සර්ජිකල් ස්පිරිට්, හයිඩ්‍රජන් පැරොක්සයිඩ් වගේ එවැනි විෂබීජ නාශක දියරයක් තියනවා නම් ඒක ගල්වන්න පුළුවන්. ඊට පස්සෙ රෝහලකට යන්න. මේ දේ කළොත් හැමදෙනාම ජලභීතිකාව ලංකාවෙන් තුරන් කරන්න පුළුවන් “

වෛද්‍ය නිලධාරී හේෂාන් ගුරුගේ මහතා මෙම අදහස් පළ කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...