ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි හෙද හෙදියන් වර්ජනයක

Date:

ඔස්ට්‍රේලියාවේ වැඩිම ජනගහනයක් වෙසෙනනිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හෙද හෙදියන් දහස් ගනනක් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති අතර, වැටුප් සහ සේවක හිඟයට ඔවුන් සිය විරෝධය පළ කර තිබේ.

මෙසේ ඔවුන් වැඩවර්ජනය අත්හිටුවන ලෙස ප්‍රාන්තයේ industrial relations commission නියෝගයක් නොතකා සිය වැඩ වර්ජනයේ යෙදෙයි.

මෙය දශකයකට පමණ පසු හෙදියන් විසින් ගන්නා ලද පළමු විරෝධතා ක්‍රියාමාර්ගයයි.

Omicron ප්‍රභේදය මෑතදී රෝගීන්ගේ වැඩිවීමකට හේතු වී ඇති අතර, රටේ පරීක්ෂණ සහ රෝහල් පද්ධති තවදුරටත් කාර්යය බහුලතාවයට පත් කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ වාර්තා වූ ආසාදන මිලියන 2.5 න් වැඩි ප්‍රමාණයක් නිව් සවුත් වේල්ස් හි සිද්ධීන් වේ.

හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින් දහස් ගණනක් ,ඔවුන්ගෙන් සමහරක් පුද්ගලික ආරක්ෂක උපකරණ සහ නිල ඇදුම් වලින් සැරසී සවුත් වේල්ස්හි වඩාත්ම ජනාකීර්ණ නගරය වන සිඩ්නි හි වීදි දිගේ ගමන් කරන්නට විය.

ඔවුන්ගේ ඉල්ලීම් අතර අනිවාර්ය 2.5% ට වඩා වැඩි වැටුප් වැඩිවීමක් ඇතුළත් වේ.

සවුත් වේල්ස් සෞඛ්‍ය අමාත්‍යාංශය, industrial relations commission (IRC) වෙත මෙම වැඩවර්ජනය අත්හිටුවන ලෙසට උපදෙස් ලබා දි තිබුණත් එම තත්වය නොතකා ඔවුන් සිය විරෝදතාවයන්හි නිරත වේ.

ඕස්ට්‍රේලියාව දැඩි දේශීය සීමාවන් කිහිපයක් යටතේ ක්‍රියාත්මක වී ඇති අතර, බොහෝ විට කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා නැවත ඉදරියේ යම් ප්‍රාන්ත අගුලුදැමීමකට ලක්විය හැකිය.

කොවිඩ් වසංගතයෙන් ඕස්ට්‍රේලියාවේ මරණ 4,600 ක් පමණ වාර්තා වී තිබේ.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...

චීන ජනපති Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරයට එක්වෙයි!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරය මේ...

හිටපු පොලිස්පති දේශබන්දු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...