ආයෝජකයන් මෙන්ම කර්මාන්තකරුවන් අධෛර්යමත් වීමට හේතුව හර්ෂ කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආයෝජකයන් මෙන්ම කර්මාන්තකරුවන් අධෛර්යමත් වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, මෙරට නිශ්චිත ස්ථිර බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම වන බව රජයේ මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටී.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගැසට් පත්‍ර ත්‍රිත්වයක නියෝග සාකච්ඡාවට ගැනීම සඳහා කාරක සභාව රැස්වු අවස්ථාවේදී ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කර ඇති බවයි.

මෙරට නිශ්චිත ස්ථිර බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පවතින බැවින් මෙම නව බදු පැනවීමේ පදනම, අපේක්ෂිත අරමුණු සහ එහි බලපෑම සඳහන් කරමින් වාර්තාවක් ලබාදෙන ලෙස මුදල් සහ කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නියෝග කර ඇති අතර, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ලබාදී ඇති නිර්දේශ අදාළ කාලරාමුව තුළ ක්‍රියාත්මක කර නොමැති ආයතන සහ පාර්ශ්වයන් යළිත් කාරක සභාව හමුවට කැඳවීමට එම කාරක සභාව තීරණය කර තිබේ.

තවද, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසූවේ, ලබා‍දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ පසුවිපරම් කිරීමේ අවශ්‍යතාව ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අවධාරණය කර ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය සමග වෙළෙඳ ශේෂ අතිරික්තයක් පවතින බවට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී කරුණු අනාවරණය වී තිබුණු අතර, GSP ප්ලස්, යුරෝපය සහ උතුරු අමෙරිකානු කලාප අතර වෙළෙඳ සබඳතා පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ කරුණු දැක්වීමකදී මෙම තොරුතුරු අනාවරණය වී ඇති බවයි.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව කියා සිටී.රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...