ආනයනය සීමා ඉවතට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලබන මාසයේ දී, දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ඉවත් කිරීමට පියවර කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටී.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

” මෙරට විශාලම අර්බුදය වුණ රෙමිටන්සස් අපිට අද සාමාන්‍ය මට්ටමකට ඉහළ නැංවෙලා තියෙනවා. අපිට අත්‍යවශ්‍ය ආනයන කරන්න අපේ සංචිත ප්‍රමාණය ශක්තිමත් වෙමින් පවතිනවා. අපි හිතනවා දැනට එච්එස්පී හෝට් 600කට ආසන්න ප්‍රමාණයක ආනයන සීමා පවත්වාගෙන යනවා. එතනින් අපිට ලබන මාසේ වෙද්දි වාහන සඳහා අදාළ එච්එස්පී හෝට් 270කට ආසන්න ප්‍රමාණය හැර අනෙක් සියලුම ආනයන සීමා අපට නිදහස් කිරීමේ හැකියාව තියෙනවා. ඒක ලබන මාසේ වෙද්දි නිදහස් වීම සිදු වේවි. ඒ තුළ මිල ස්ථාවරත්වයට විශාල පිටුවහලක් ලැබෙයි. මොකද දැන් වෙලා තියෙන්නේ සමහර ඒවා සීමා කරලා තියෙන හින්දා ඉල්ලුමට සරිලන සැපයුමක් වෙළෙඳපොළේ නැහැ. එතකොට මිල ඉහළ යෑමක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා රජය ඉදිරියේ දී මේ විවෘත වෙළෙඳපොළ ප්‍රතිපත්තියට අදාළව කටයුතු කරනවා මිස ඒ අනවශ්‍ය මැදිහත් වීම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතනින් අපි බලාපොරෝත්තු වෙනවා සාධාරණ වෙළෙඳාමක් වෙනුවෙන් සියලු ව්‍යාපාරික ප්‍රජාවත් ගමන් කරයි කියලා.”

අනුරාධපුර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...