ඊබ්‍රාහිම්ට ඇගයීම් සම්මාන දුන්නේ එවක සිටි නායකයින්ම තමයි – අනුර කුමාර දිසානායක කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එදා ඊබ්‍රාහිම් ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් බවට කරුණු ඉදිරිපත් කොට තිබූ අතර 2015 දී ඔහු ජාතික ලැයිස්තුව නියෝජනය කළ බවත්, ඒවන විට ඔහු ලංකාවේ ඉතාමත් කීර්තිමත් ව්‍යවසායකයෙක් ලෙස ඔහුට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇගයීම් සම්මානද දී තිබුණු බව ජාතික ජන බලවේගය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කර්මාන්ත අමාත්‍යවරයා හැටියට ජී.එල්. පීරිස් මහතා සහ රත්නසිරි වික්‍රමනායක මහතාද ඊබ්‍රාහිම්ට ඇගයිම් සම්මාන දි තිබුණු බවත්, 2015දී ඔහු ත්‍රස්ත ක්‍රියාවකට හෝ ඔහුගේ දරුවන් ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ වූ බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවවත් දැන සිටියේ නැති බවද අනුර දිසානායක මහතා කියයි.

” පොලීසිය භාර අමාත්‍යවරයාගේ උත්සාහය තිබුණේ ජාති, ආගම, මව්බිම පිළිබඳව අපේ රටේ සෑම පුරවැසියෙකුටම තිබෙන භක්තිය අපරාධකරුවන් වසාගැනීමෙ ලෝගුවක් ලෙස භාවිතා කිරීමටයි. අපේ සෑම පුරවැසියෙක් තුළම ආගම, ජාතිය, මව්බිම පිළිබඳව භක්තියක් හා ගෞරවයක් තිබෙනවා. ඒ භක්තිය, ගෞරවය අපරාධකරුවන් වසන්කර ගැනීම සඳහා හා ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ගැනීම කිසිසේත්ම යුක්තිසහගත නැහැ. හිටපු පොලිස් අමාත්‍යවරයාගේ මුළු ක්‍රියාදාමයම ඒකට සම්බන්ධවී තිබෙන බව පැහැදිලි වුණා. මේ විවාදයේදී ඊබ්‍රාහිම් අපේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් බවට කරුණු ඉදිරිපත් කොට තිබුණා. ඔව්. 2015 ඔහු අපේ ජාතික ලැයිස්තුව නියෝජනය කළා. ඒ වන විට ඔහු ලංකාවේ ඉතාමත් කීර්තිමත් ව්‍යවසායකයෙක් හැටියට කටයුතු කරමින් තිබුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහුට ඇගයීම් සම්මාන දී තිබුණා. කර්මාන්ත අමාත්‍යවරයා හැටියට ජී.එල්. පීරිස් ඔහුට ඇගයීම් සම්මාන දී තිබුණා. රත්නසිරි වික්‍රමනායක ඔහුට ඇගයිම් සම්මාන දි තිබුණා. 2015දී ඔහු ත්‍රස්ත ක්‍රියාවකට හෝ ඔහුගේ දරුවන් ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ වූ බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වත් දැන සිටියේ නැහැ.

2014දි කොළඹ දිසා අධිකරණයේ ඔහුට නඩුවක් තිබෙනවා. එම නඩුව යූසුබ් මොහොමඩ් ඉබ්‍රාහිම්, අංක: 37, පරණ යෝන් වීදිය, කොළඹ 12. මේ නඩුවේ නීතිඥයා අලි සබි්‍ර. ඒකෙන් ඔහු මෙම ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධයි කියා ලඝු කළ යුතු නැහැ. ඊබ්‍රාහිම් අවුරුදු දෙකකට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කළා. ඒ කොතනකදී හෝ අප හෝ අපේ ව්‍යාපාරය එයට සම්බන්ධ බව කිසිදු හෙළිදරව්වක් සිදුවී නැහැ. ඔහු දැන් ඇප මත නිදහස ලබාගෙන තිබෙනවා. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, මලල්ගොඩ වාර්තාව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා තිබෙනවා, මේ කිසි තැනක ඊබ්‍රාහිම් සහ අපගේ දේශපාලන ගනුදෙනුව මෙම ත්‍රස්ත ක්‍රියාවට ඉවහල් වු බව කිසිසේතම සනාථ වී නැහැ. ඒවා අනෙකාට චෝදනා එල්ල කිරීම සඳහා සුපුරුදු පරිදි එල්ල කරන ලද පුස් වෙඩි මිසක් සත්‍ය වෙඩි නොවෙයි “

ලෙස 2023.09.22 – පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...