පාසල් ආපනශාලා දැඩි නියාමනයකට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉදිරි කාලය තුළ සියලු පාසල් ආපනශාලා පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර ඇති බවත්, නුදුරේදී, පාසල් ආපනශාලා නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති මෙලෙස විස්තර කළේය.

“පාසල්වල තියෙන ආපනශාලා සම්පූර්ණ දැඩි අධීක්ෂණයකට ලක්කිරීමට බලාපොරොත්තු වෙනවා. පාසල් ආපනශාලා ප්‍රතිපත්තිය සම්පූර්ණ නෛතික ලියවිල්ලක් නොවුණත් මේ පාසල් ආපනශාලා තුළ දරුවන්ට නුසුදුසු ආහාර ලබාදීම නිසා අනවශ්‍ය ගැටලු නිර්මාණය වන බව අපට පේන්න තියෙනවා. ආපනශාලා තුළ අලෙවි කළ යුතු ආහාර සම්බන්ධව මාර්ගෝපදේශයක් නිකුත් කරලා තියෙනවා. චක්‍රලේඛයක් විදියට. එහි සඳහන් වෙනවා පාසල් දරුවන්ට හානිකර නොවන ආහාර මොනවා ද? ආපනශාලා තුල අලෙවි කළ හැකි ආහාර මොනවාද ? කියලා. මේක ජාතික පාසල් ආපනශාලා ප්‍රතිපත්තියක් ලෙස එළිදක්වලා තියෙනවා. මේ සම්බන්ධව අපි පාසල් බලධාරීන් සහ පාසල් ආපනශාලා පවත්වාගෙන යන අයව දැනුවත් කරලා තියෙනවා. ඊට පටහැනිව කටයුතු කරනවා නම් අපිට ආහාර පනත යටතේ නඩු පැරීමට යම් ගැටලුවක් තිබුණත් පාසල් දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටලු නිර්මාණය කරන ඕනෑම අවස්ථාවක නිත්‍යානුකූලව කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. ඉදිරි කාලයේ දී පාසල් ආපනශාලා දැඩිව නියාමනය කරනවා.”

කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මේ බව සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...