එක්ස්ප්‍රස්පර්ල් නෞකා අනතුරට අදාළ අතුරු ගෙවීම් ලැබේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහත් ආන්දෝලනාත්මක කරුණක් වූ, එක්ස්ප්‍රස්පර්ල් නෞකා අනතුරට අදාළ අතුරු ගෙවීම් මෙරටට ලැබී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.ඒ යටතේ ඩොලර් 878,650යි සත 53ක් මහා භාණ්ඩාගාර ගිණුමට තැන්පත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉතිරි රුපියල් මිලියන 16 ඉදිරියේදී ලැබීමට නියමිත අතර,එම මුදල සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ වියදම් වෙනුවෙන් ලැබී ඇති බව පැවසේ.

නෞකා සමාගමේ රක්ෂණ සමාගම සමග පසුගියදා ඇති කරගත් එකඟතාවකට අනුව එම අතුරු ගෙවීම් හිමිවී ඇති අතර, ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් ද වන්දි මුදලක් ඉල්ලා ඇතැයිද ,ඒ සම්බන්ධයෙන් අදාළ රක්ෂණ සමාගම සළකා බලමින් සිටින බවද නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාව කැමති වුණත් අකමැති වුණත් රටට අවශ්‍ය දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි – මහබැංකු අධිපති

සටහන - රුවන් නෙළුගොල්ල ජනතාවගේ අකමැත්ත හේතුවෙන් ඇතැම් මූල්‍ය ප්‍රතිපත්ති...

ජර්මනියේ ජීවන වියදම් විරෝධතා ප්‍රචණ්ඩ වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ජර්මනියේ ඉහළ යන...

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...