ලංකාවේ සුවතා සංචාරක ව්‍යාපාරය නඟා සිටුවීමට යුරෝපා සංගමයේ සහාය

ශ්‍රී ලංකාවේ සුවතා සංචාරක කර්මාන්තය නඟා සිටුවීම හා එහි ධාරිතාවයන් ඉහළ නැංවීම සඳහා අධාර අරමුදල් වෙන්කිරීමට යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත පිරිස කටයුතු යොදා ඇති බවට වාර්තා වේ.

සුවතා සංචාරක ව්‍යාපාරය යනුවෙන් හැඳින්වෙන්නේ පුද්ගලයකු ගේ කායික, මානසික හා සමාජීය සුවතාවය සඳහා යම් රටක සංචාරයේ යෙදීමට අදාළව නිර්මාණය වන වෙළඳපොළයි.

මෙය රට තුළ දැනටමත් ක්‍රියාත්මක වන සංචාරක කර්මාන්තයේ මඟපෙන්වීම යටතේ සිදුවන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස “ශ්‍රී ලංකා සුවතා සංචාරක පාර්ශවකරුවන්ගේ ව්‍යාපෘතිය” (Sri Lanka Wellness Tourism Stakeholder Project) පෙබරවාරි 15 වන දින නිල වශයෙන් දියත් කරන බව සංචාරක අමාත්‍යංශය නිවේදනය කරයි.

මෙම ව්‍යාපෘතිය දියත් කිරීම ඊට සම්බන්ධ වන ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් සිදුවන අතර, එහිදී ව්‍යාපෘතිය පිළිබඳ විස්තර පැහැදිලි කරනු ඇත. මීට අදාළව සුවතා සංචාරක ධාරිතා සංවර්ධනය පිළිබඳ කණ්ඩායම් සාකච්ඡාවක් පැවැත්වීම ද සිදුවේ.

එමෙන්ම, සියලු පාර්ශවකරුවන්ගේ රැස්වීම්, ක්ෂේත්‍ර රැස්වීම් සහ සුවතා සංචාරක නිකේතන, හෝටල් සහ පුහුණු සපයන්නන් සමඟ සාකච්ඡා කිරීමෙන් ලද සොයාගැනීම් සහ නිර්දේශ වලට අදාළව පසු විපරම් රැස්වීමක් එළඹෙන පෙබරවාරි 25 වන දින පැවැත්වීමට නියමිත ය.

මෙහිදී සුවතා සංචාරක ආයතන සහ පුහුණු සපයන්නන් අතර සිදුකරන ලද සමීක්ෂණ මඟින් සොයාගත් තොරතුරු පිළිබඳව පැහැදිලි කිරීමක් ද සිදුවනු ඇත.

ශ්‍රී ලංකාවේ ආයුර්වේද චිකිත්සකයන් සහ සුවතා පහසුකම් කළමනාකරණය ට අදාළව කෙටිකාලීන පාඨමාලා නිර්මාණය කිරීමට අදාළව තාක්ෂණික සහාය සැපයීමටත්, එමඟින් රට තුළ සුවතා සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට අතහිත දීමටත් යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම IBF ජාත්‍යන්තර උපදේශන ආයතනය සමඟ ගිවිසුම්ගත වී ඇත.

මෙම ව්‍යාපෘතිය හරහා පුහුණුකරු පුහුණු කිරීම හෙවත් Training on Trainer – TOT වැටසටහනක් ද අධීක්ෂණය කරන ලද අඛණ්ඩ නියමු පාඨමාලාවක් ද දියත් කිරීමට අපේක්ෂා කරයි.

මෙම ව්‍යාපෘතියේ පාර්ශවකරුවන් හමුවීම සහ අවශ්‍යතා තක්සේරු කිරීම සඳහා ව්‍යාපෘති කණ්ඩායම් නායක පෝල් පෙන්ෆෝල්ඩ් මහතා වයාපෘතියේ ජාතික විශේෂඥ ආචාර්ය අත්තනායක මහතා ද සමඟ මෙරට සති දෙකක (පෙබරවාරි 14 – 26) සංචාරයක යෙදීමට ද නියමිත ය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...