ලෝකෙටවත් උත්තර නැති ප්‍රශ්නවලට අපි මොනව කරන්නද ? – දයාසිරිගේ චෝදනාවට විදුලි ඉංජිනේරුවරුන්ගෙන් ප්‍රතිචාර

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්‌ගේ අත්තනෝමතික තීරණ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 40 ක ධාරිතාවයක් අහිමි වන බවට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිදු කරන චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසනවා.

හිරු එළිය භාවිතා කරන විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය අඩපණ වී තිබෙන්නේ ඉංජිනේරුවරුන්ගේ හෝ වෙනත් පාර්ශ්වයකගේ බාධාවක් හෝ නිළධාරිවාදය නිසා හෝ නොවන බවයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා පවසනවා. හිරු එළිය භාවිතා කර නිපදවන විදුලිය ජාතික පද්ධතියට ඇතුළත් කිරීමට හැකියාවක් තිබෙන්නේ නම් ඒ සඳහා විදුලි ඉංජිනේරුවරුන්ගේ පූර්ණ සහයෝගය හිමිවන බවද ඔහු පෙන්වා දෙනවා.

කෙසේ නමුත් තාක්ෂණික ගැටලු කිහිපයක් හේතුවෙන් එය අඩපණ වී තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

හිරු එළිය භාවිතයෙන් විදුලිය නිපදවීමේදී එකවරම විදුලි ධාරිතාවය ඉහළ යා හැකි බවත්, එය අදාල නිවසට මෙන්ම අසල්වැසි නිවෙස්වලටද බලපානු ඇති බවත්, මෙම ගැටලුව සඳහා තවමත් විසඳුම් සොය ගැනීමට නොහැකි වී ඇති බවත් අනිල් රංජිත් මහතා සඳහන් කරනවා. ඊට අමතරව හිරු එළිය භාවිතයෙන් නිපදවන විදුලිය ජාතික පද්ධතියට එකතු කළහොත් එකවරම ඉහළ යන ධාරිතාවය ඒ ඒ ප්‍රදේශවල ට්‍රාන්ස්ෆෝමර් සඳහාද බලපානු ඇති බවත්, යම් හෙයකින් මේ නිසා ට්‍රාන්ස්ෆෝමරයට හානියක් සිදු වුවහොත් ඒ්වා අළුත්වැඩියා කිරීමට වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

ලෝකයේ වෙනත් රටවලද මෙම තාක්ෂණික ගැටලු සඳහා තවමත් විසඳුම් සොයාගෙන නොමැති බව පෙන්වා දෙන විදුලි ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා පවසන්නේ තාක්ෂණික ගැටලු හේතුවෙන් මතුව ඇති අර්බුදයක් සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරුවරුන්ට චෝදනා එල්ල කිරීම සාධාරණ නොවන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...