මිල වැඩි කිරීමක් දෙන්නැත්තං ඉන්ධන දෙන්නෙ අත්‍යවශ්‍ය සේවාවලට විතරයි !

Date:

ඉන්ධන මිල යළිත් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සූදානම්ව සිටින අතර ඊට අදාල යෝජනා මේ වනවිටත් මුදල් අමාත්‍යංශය සහ බලශක්ති අමාත්‍යංශය වෙත ලබා දී තිබෙනවා. සංස්ථාව පවසන්නේ මිල ඉහළ දැමීමකින් තොරව ආයතනය පවත්වාගෙන යා නොහැකි බවයි.

කෙසේ නමුත් ඉන්ධන මිල ඉහළ දැමීමට ආණ්ඩුව මේ දක්වා තීරණය කර නොමැත. පෙරේදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති නමුත් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොතිබිණි..

මතුව ඇති තත්වය මත මිල ඉහළ නොදමන්නේ නම් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට ඛනිජ තෙල් සංස්ථාව සූදානම් වන බව වාර්තා වේ.

එසේ වුවහොත් විදුලි බලාගාර, දුම්රිය, මගී බස්රථ සඳහා සහ ආරක්ෂක අංශ සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීම සිදු වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...