දිනෙන් දින බිඳ වැටෙන රෝහල් යන්ත්‍ර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය අගෝස්තු 22 වනදා සිට, මඩකලපුව ශික්ෂණ රෝහලේ ඇති ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රය ද බිඳවැටී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍ර මහතා සඳහන් කරයි.

පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර කිරීමේදී නවීනතම ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර (Linear Accelerator) භාවිතාවෙන් සිදුකරන විකිරණ ප්‍රතිකාරය හඳුන්වයි. එමගින් පිළිකා රෝගියෙකුගේ පිළිකා සෛල යාබද නිරෝගී සෛලවලට හානියක් නොවී සාර්ථකව විනාශ කිරීමට හැකියාවක් ඇති අතර, පිළිකා රෝගියෙකුගේ වේදනා සමනය කිරීමේ ප්‍රතිකාර ද මෙමගින් සිදු කරයි.

රජයේ රෝහල් පද්ධතිය සතුව ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 10ක් ඇති අතර, මහරගම අපේක්ෂා රෝහලේ එම යන්ත්‍ර 05ක්, මහනුවර රෝහලේ යන්ත්‍ර 02ක්, යාපනය ශික්ෂණ රෝහලේ යන්ත්‍ර 01ක් සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ 01ක් යන්ත්‍රයක් ලෙසිනි.පසුගිය වසරේ නොවැම්බර් මස සිට මහනුවර ජාතික රෝහලේ තිබෙන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 02ක ද ක්‍රියාවිරහිත වී ඇති අතර, එයට හේතුවී ඇත්තේ එම යන්ත්‍ර පිහිටි, ගොඩනැගිල්ලේ සිසිලන පද්ධතියේ තිබෙන දෝෂයන් බව වාර්තා වේ.

මඩකලපුව ශික්ෂණ රෝහලේ තිබෙන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රය ද බිඳවැටීමට හේතු වශයෙන් අදාළ සේවා සපයන සමාගම පවසා ඇත්තේ යන්ත්‍රය පිහිටි ඒකකයේ වායුසමන පද්ධතියේ තිබෙන දෝෂය හේතුවෙන් මෙය සිදුවී ඇති බවයි.

උෂ්ණත්වය සහ ආර්දතාවය නිසිපරිදි පාලනය නොවීම යන්ත්‍රය බිඳ වැටීමට හේතු වශයෙන් තවදුරටත් පෙන්වාදිය හැක.මඩකලපුව රෝහලේ ඇති මෙම යන්ත්‍රය මගින් දිනකට රෝගීන් 40ත් 50ත් අතර ප්‍රමාණයකට ප්‍රතිකාර කරමින් සිටි අතර මෙම රෝහල මගින් හම්බන්තොට,මොනරාගල, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය,අනුරාධපුරය, පොළොන්නරුව සහ මහනුවර රෝහලෙන් යොමු කරන රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සිදුකර ඇත.

පිළිකා රෝගියෙකුගේ විකිරණ ප්‍රතිකාර කටයුතු කිරීමේදී එය දින කිහිපයක් එක දිගට සිදුකරන අතර එය දින 05 සිට දින 30ක් දක්වාවූ අඛණ්ඩ ප්‍රතිකාරයක් ලෙස අදාළ රෝගියාගේ රෝග තත්ත්වය අනුව සිදුකරනු ලැබේ. මෙම ප්‍රතිකාර අඛණ්ඩව සිදුකිරීම අත්‍යවශ්‍ය වෙයි.

මෙම යන්ත්‍රයේ බිඳවැටීම හේතුවෙන් පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු අඛණ්ඩව සිදුකරගත නොහැකිව රෝගීන් සහ කාර්යමණ්ඩලය ද දැඩි අපහසුතාවයකට පත්වී ඇති බව තොරතුරු වාර්තා වේ.මේ වනවිට දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි රෝගීන් මඩකලපුව රෝහල ආසන්නයේ නවාතැන් ස්ථානවලට වී තමන්ගේ ප්‍රතිකාර කටයුතු කරගැනීමට නොහැකිව අසරණවී සිටීන බව වාර්තා වේ.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා කියා සිටින්නේ, මෙම ප්‍රතිකාරය පෞද්ගලික අංශයෙන් සිදු කරගැනීම සඳහා රුපියල් ලක්ෂ 05 සිට 17 දක්වාවූ මුදලක් වැය වෙන අතර, මෙම ගැටළුව සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්ව දැනුවත් කර ඇතත් මේ වනතෙක් එම යන්ත්‍රය යථාතත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදුවී නොමැති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...