සමාජ ක්‍රියාකාරී ෂෙහාන් මාලක මහතා අත්අඩංගුවට ගැනීම සිදුවූයේ නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් මහත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, පසුගිය වසරේ අගෝස්තු 17 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී ෂෙහාන් මාලක මහතා ප්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකළ බවයි. ඉන් අනතුරුව එම විමර්ශනයට අදාල ලිපිගොනු නීතිපති උපදෙස් සඳහා යොමුකර තිබේ.
එම ලිපිගොනු අධ්‍යයනය කළ නීතිපතිවරයා, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය යටතේ ෂෙහාන් මාලක මහතා වරදක් සිදුකර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ජනවාරි 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ෂෙහාන් මාලක මහතා පසුව දැඩි කොන්දේසි යටතේ ඇප මත නිදහස් කෙරිණි. එම ඇප කොන්දේසි අනුව අධිකරණයේ අවසරයක් නොමැතිව ඔහුට රටින් පිටව යාමට නොහැකිය.
UN