නිශාන්ත මුතුහෙට්ටිගමට ඇප

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (27) දින හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇපමත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත. ඔහු රක්ෂිත බන්ධනාගාගත කර තිබුණේ, නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද කොටස් එකලස් කොට, ව්‍යාජ අංක තහඩුවක් සවි කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවකට අදාළවයි.

එම නඩුව අද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී , මුතුහෙට්ටිගම මහතා රුපියල් 50,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇත.

අදාළ වාහනය ලියාපදංචි කිරීමේදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට ඉදිරිපත් කළ යුතු කිසිදු ලියවිල්ලක් ලබාදී නොමැති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණු අතර , ඊට අදාළ ලියවිලි ඇත්නම් ඒවා ලබාදෙන ලෙස අවස්ථා ගණනාවකදී දැනුම්දී ඇතත්, මේ දක්වා කිසිදු ලියවිල්ලක් තමුන්ට හෝ අධිකරණයට ඉදිරිපත් නැතැයි පොලිසිය අධිකරණයේදී අනාවරණ කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...