නිශාන්ත මුතුහෙට්ටිගමට ඇප

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (27) දින හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇපමත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත. ඔහු රක්ෂිත බන්ධනාගාගත කර තිබුණේ, නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද කොටස් එකලස් කොට, ව්‍යාජ අංක තහඩුවක් සවි කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවකට අදාළවයි.

එම නඩුව අද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී , මුතුහෙට්ටිගම මහතා රුපියල් 50,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇත.

අදාළ වාහනය ලියාපදංචි කිරීමේදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට ඉදිරිපත් කළ යුතු කිසිදු ලියවිල්ලක් ලබාදී නොමැති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණු අතර , ඊට අදාළ ලියවිලි ඇත්නම් ඒවා ලබාදෙන ලෙස අවස්ථා ගණනාවකදී දැනුම්දී ඇතත්, මේ දක්වා කිසිදු ලියවිල්ලක් තමුන්ට හෝ අධිකරණයට ඉදිරිපත් නැතැයි පොලිසිය අධිකරණයේදී අනාවරණ කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...