*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

අත්‍යාවශ්‍ය ආනයන සුරක්ෂිත කිරීමට කමිටු තුනක්

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ කර්මාන්ත සඳහා අවශ්‍ය දේ ආනයනය සඳහා සුරක්ෂිත කිරීම සඳහා ක්‍රමවේද හඳුනාගැනීම වෙනුවෙන් එම භාණ්ඩ ආනයනය කරනු ලබන රටවල් සමඟ සාකච්ඡා කිරීම සඳහා කමිටු තුනක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් කමිටු තුනෙහිම ප්‍රධානියා වන අතර ඔහු විසින් චීනය, ජපානය සහ මැදපෙරදිග වැනි ප්‍රධාන ආනයනික රටවල් සමඟ සාකච්ඡා කරනු ඇත.

චීනය සමඟ ආනයන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පත්කළ කමිටුවට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ ඇතුළත් වේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් ජපානය සමඟ සාකච්ඡා කිරීමට නියමිත අතර මැදපෙරදිග රටවල් සමඟ සාකච්ඡා කිරීමට නියමිත කමිටුවට ක්‍රීඩා හා යෞවන අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි ඇතුළත් වේ.

රටේ විදේශ විනිමය අභියෝගයක්ව පවතින වාතාවරණයක් මැද පවා වසර 2020 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2021 දෙසැම්බර් මාසයේදී ආහාර හා හදිසි නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම එ.ජ. ඩොලර් මිලියන 248.1ක් දක්වා සියයට 46.2කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

2020 වසරේ දෙසැම්බර් මාසයේදී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 1,527 හා සැසඳීමේදී 2021 වසරේ දෙසැම්බර් මාසයේදී මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික ආනයන වියදම වාර්තා කරමින් වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ද එ.ජ. ඩොලර් මිලියන 2,241ක් දක්වා සියයට 46.8කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ති​බේ. සියලුම ප්‍රධාන කාණ්ඩවල ආනයන වියදම්වල කැපී පෙනෙන වැඩි වීමක් දක්නට ලැබු​ණි. අන්තර් භාණ්ඩ ආනයන ඒ සඳහා වැඩි වශයෙන් හේතු වුණා. 2021 වසරේ සමස්ත ආනයන වියදම එ. ජ. ඩොලර් මිලියන 20,637ක්. එය 2020 වසරේ වාර්තා වූ එ. ජ. ඩොලර් මිලියන 16,055ක වියදමට සාපේක්ෂව සියයට 28.5ක වර්ධනයක්.

ප්‍රධාන වශයෙන් ආහාර නොවන පාරිභෝගික භාණ්ඩවල ආනයන වියදම ඉහ‍ළ යෑම හේතුවෙන් 2021 වසරේ දෙසැම්බර් මාසයේදී පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම 2020 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 27.9කින් ඉහළ ගොස් ති​බේ. ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම එ. ජ. ඩොලර් මිලියන 248.1ක් දක්වා සියයට 46.2කින් ඉහළ ගොස් ති​බේ. ඒ සඳහා ප්‍රධාන වශයෙන් බෙහෙත් සහ ඖෂධීය නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන් එන්නත්) හේතු වී ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan