මව්බිමේ පංචායුධයගේ ෆේස්බුක් ගිණුම හැක් කරලා !!

Date:

තමන්ගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම පසුගිය දිනවල යම් කිසිවකු විසින් අත්පත් කරගෙන පැවති අතර මේ වනවිට එය නැවතත් සම්පූර්ණයෙන්ම තමන් වෙත ලබාගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එම ගිණුම ලබාගත් පුද්ගලයා අදාළ කාලසීමාව තුළ ගැටුමක් ඇති වන ආකාරයේ පෝස්ටු ෂෙයා කර ඇති බවත් කිසිදු වගවිභාගයකින් තොරව ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ අයට අනුකම්පා කරන බවත් අමාත්‍යවරයා ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

මව්බිමේ පංචායුධය යනුවෙන් තමන්ව හඳුන්වා ගන්නා, දැඩි ඇමරිකානු විරෝධියෙකු වන වීරවංශ මහතාගේ ෆේස්බුක් ගිණුමට එරෙහිවත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් දියත්ව ඇත්දැයි අප දන්නේ නැත. එසේම ඇමරිකානු නිෂ්පාදන වන ගූග්ල්, කොකාකෝලා පවා වර්ජනය කරන්නැයි ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටි වීරවංශ මහතා තවත් ඇමරිකානු නිෂ්පාදනයක් වන ෆේස්බුක් භාවිතා කරන්නේ ඇයිද කියාත් අපට පැහැදිලි නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...