මීලඟ ජාතික ක්‍රිකට් පුහුණුකරු ලැන්ගර්ද ?

Date:

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා හිටපු ඕස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර් මහතා බඳවා ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසන්නේ.

හිටපු ජාතික පුහුණුකරු මිකී ආතර් මහතා සමුගැනීමෙන් පසුව මාස කිහිපයක් තිස්සේ එම තනතුර පුරප්පාඩු වී තිබෙන අතර මේ දක්වා සුදුසු පුහුණුකරුවෙකු තෝරා ගැනීමට ක්‍රිකට් බළධාරීන් අසමත් වී තිබේ. මේ වනවිට වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ රුමේෂ් රත්නායක මහතායි.

ජස්ටින් ලැන්ගර් පසුගියදා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකාර ධුරයෙන් ඉල්ලා අස් වූ අතර ඔහුගේ ඉල්ලා අස්වීම ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝදෙනාගේ විමතියට හේතු විය.

ලැන්ගර් යටතේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සාර්ථකත්වයට පත් වූ අතර අවසන් වරට පැවති 20/20 ලෝක කුසලාන තරගාවලිය මෙන්ම 2019 එක්දින ලෝක කුසලානයද හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියානුවන් සමත් විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...