අයවැය ගැන විශ්වාසයක් නැහැ – IMF කියයි

Date:

කොළඹ LNW:අයවැය මඟින් ඇස්තමේන්තු ගතකර තිබෙන අදායම් රැස් කරගැනීමේ හැකියාවක් පෙන්නුම් නොකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය ලබාදීම සහ පාලනයේ විශ්ලේෂණාත්මක ඇගයීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති මෙම නව වාර්තාවේ අවධාරණය කර ඇත.

වියදම් සීමාවන් ඉක්මවා යාම හේතුවෙන් අයවැය පිළිබඳ විශ්වසනීයත්වය බිඳ වැටෙන බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

මෙරට මුල්‍ය පාලනයේ සහ කළමනාකරණයේ දුර්වලතා රැසක් ද එම නව වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

දින 12ක කාලයක් ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සමාලෝචනය සඳහා එම නියෝජිත පිරිස මෙරට රැඳී සිටිමින් පාර්ශ්ව රැසක් සමඟ සාකච්ඡා පවත්වමින් කරුණු රැස්කර ගෙන තිබුණු අතර එම සාකච්ඡා අවසානයේ පසුගිය 27 වනදා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකාව ආදායම් එක්රැස් කිරීමේ හිඟයක් පවතින බවයි එම මාධ්‍ය හමුවේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම් ප්‍රධානී පීටර් බෘවර් සඳහන් කර තිබුණේ.

ඒ අනුව විස්තීරණ ණය මුදලේ දෙවැනි වාරිකය නිකුත් කිරීම ගැන නිශ්චිත කාල රාමුවක් නොමැති බවයි ඔහු පැවසුවේ.

කෙසේවෙතත් ඉදිරි මාස 03ක කාලය ඇතුළත ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ප්‍රමුඛත්වය ලබාදී ඉටුකළ යුතු කරුණු 16ක් ඇතුළත් විශ්ලේෂණාත්මක ඇගයීම් වාර්තාවක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරටට අනුමත කළ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකමේ පළමු වාරිකය සම්බන්ධයෙන් වූ ඇගයීම් කටයුතු සඳහා එම නියෝජිත පිරිස පසුගිය මස 14 වනදා මෙරටට පැමිණ එම සමාලෝචන කටයුතු ආරම්භ කර තිබුණි.

ඒ අනුව මේ වන විට දේශපාලන පිටිය තුළ IMF දෙවන වාරිකය ලැබීම සහ නොලැබීම සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් පෙන්නුම් කරමින් තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...

ඉරානයේ තවත් උත්සාහයක් ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...