ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට නව තනතුරක් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එංගලන්තයේ මාලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පත් කර ඇත.

මාලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක කමිටුවේ සභාපතිවරයා ලෙස මින් පෙර කටයුතු කළේ හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මයික් ගැටින් වන අතර කුමාර් සංගක්කාර 2021 වසරේ සිට මාලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති බව සඳහන් වේ.

මෙරට ක්‍රිකට් කතාවේ විශිෂ්ටතම ක්‍රීඩකයකු ලෙස සැලකෙන කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 134ක්, ක්‍රීඩා කර ඇති අතර ලබා ඇති ලකුණු සංඛ්‍යාව 12,400 ක් ලෙස ක්‍රිකට් පොතේ සනිටුහන් කර ඇත.

ඔහු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 404කදී ලකුණු 14234ක් රැස් කර ඇති අතර, පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග 56කදී ලකුණු 1382ක් රැස් කරගෙන ඇති බවද වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ආණ්ඩුවේ ඇමතිවරු කිසිවෙක් අල්ලස් කොමිසමට ගෙන්වලා නෑ. පැමිණිලිකරු තමයි ගෙන්වලා තියෙන්නේ – ටිල්වින්

වත්කම් බැරකම් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා තම පක්ෂයේ ඇමතිවරුන්...

වැසි තත්වයේ වෙනසක් – අද (31) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 31) දිනයේදී උතුර, නැගෙනහිර,...

හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

සටහන - රුවන් නෙළුගොල්ල සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්...