*
Saturday, October 12, 2024
spot_img

Latest Posts

තරුෂි කියන්නෙ රටක හැඩේට පායපු තරුවක්

ලංකාවේ මලල ක්‍රීඩාව මෙවර ආසියානු ක්‍රිඩා උළෙලෙ ආයෙ යම් පිබිදීමක් ලබලා.රන් පදක්කම් එකයි,රිදී පදක්කම් එකයි ලෝකඩ පදක්කම් දෙකයි.මේ පදක්කම්වල ගෞරවය යා යුත්තෙ කාටද?දැන් ඊ ළඟට කුකුල් පොරය ඇති වන්නෙ මෙන්න මේ කාරණයට.


අමාත්‍යංශය සියල්ලම සල්ලි නැහැ කියලා අත ඇරලා හිටියෙ.ඒ වගෙ තත්ත්වයක ජාතික ක්‍රීඩා සභාව කළේ අමාත්‍යවරයාට මුල්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා අවශ්‍යය ව්‍යාපෘති යෝජනා කරන එක නෙමෙයි.අතින් වියදම් කරගෙන යන අයගෙත් නම් කපන එක.ඒ වැඩේ සත්භාවයෙන් කරන්න ශ්‍රී ලංකාව නියෝජනය කරපු ඔලිම්පික් ක්‍රීඩිකාවක්ම තේරීම් කරන බව මාධ්‍යයට කිව්වෙ අර්ජුන රණතුංග.


ලංකාවෙ ක්‍රීඩා අමාත්‍යවරයා හැසිරෙන පරිසරය එහෙම එකක්.පුහුණුකරු යන්නම ඕනි,ඒක තමයි වැදගත්ම කියන කාරණයෙ ලොකු ඇත්තක් තියෙනවා.නමුත් ඒක ඇත්ත වෙන්න පුහුණුකරුට ක්‍රීඩකයා ගැන මහන්සි වෙන්න නිදහසක් තියෙන්නත් ඕනි.සල්ලි ඉතුරු කර ගන්න කියලා යන පිරිස අඩු කරන එක අමාත්‍යංශයෙන් වියදම් කරනවනම් හරි කියලා හිතමු.ඒත් අතින් වියදම් කරගෙන යන කොට නම් කප්පාදු කරන ජාතික ක්‍රීඩා සභාව උපදෙස් දෙන්නෙ වියදම් කරන එකාට ආදරෙන්ද,ඉරිසියාවෙන් සහ කුහක කමෙන්ද කියන එක මේත කියවන පිරිස තේරුම් ගන්න ඕනි කාරණයක්.


තරුෂිට සුසන්ත ළඟ ඉදලා ආසියානු ක්‍රිඩා උළෙලක ඓතිහාසික රන් පදක්කමක් දිනා ගන්න හැකි වෙනවා.නමුත් තරුෂිට තව පොඩ්ඩනේ සුසන්ත ළඟ ඉදලා ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලක පදක්කමක් දිනා ගන්න බැරි වෙන්නත් තිබුණා.ඒ ඔහු කළමණාකරු ලෙස අවශ්‍ය එක නමක් ඇතුළත් කරන්න ඕනි මොහොතට යද්දි,ඉසව්වක් නිමා කරලා හිටපු තරුෂි හිටියෙ ඊ ළඟ ඉසව්වට සූදානම් වෙන්න කාලය නැතුව.නමුත් ගිහිං හිටපු පුහුණුකරුවො (අතින් වියදම් කරගෙන) ඇයව සම්භාහනය කරලා,පාදයේ තිබුණ පුංචි වේදනාව ගැන මකලා තමයි ඇයව ඉසව්වට සූදානම් කරන්නෙ.එතැන වුණේ සුසන්ත විතරක් කණ්ඩායමට සම්බන්ධ කිරීම.


තවත් අවස්ථාවක කොළොම්ඹියාවේ තරුෂිව අසනීප වෙනවා.එයාව දාලා කාන්තා නිලධාරීනිය ආවම සුසන්තට ඇයගෙ වගකීම් ගන්න වෙනවා.කාන්තා සනීපාරක්ෂක වැඩක උපදෙසක්වත් දෙන්න කවුරුත් තරුෂි එක්ක හිටියෙ නැහැ.හැබැයි තව දුරටත් එවැනි වගකීම් විරහිත අයව සංචාර යයි.ඒ අයට කිසිම චෝදනාවක් එල්ල වෙලා නැහැ.ක්‍රීඩා අමාත්‍යංශය බොහෝ වෙලාවට සල්ලි ප්‍රශ්නය පිට අධ්‍යාපන අමාත්‍යංශයෙන් තමයි කැපිල්ල සිද්ධ කළේ.සුසන්ත ප්‍රනාන්දු මේ සංචාරයට නම් නොකිරීම සිද්ධ වෙන්නෙ ඔලිම්පික් සංගමයෙන්ද,මලල ක්‍රිඩා සංගමයෙන් ද කියන කාරණය පැත්තකට දැම්මම,ඔහු ගැන අහන්න ඇතුළත් කරන්න ක්‍රීඩා ඇමතිතුමාට උපදෙස් ඉන්න පිරිස අතරෙ කවුරුත්ම හිටියෙ නැද්ද? එතැන ඉන්න අයගෙ රාජකාරිය නම් කැපීම මිසක් නම් නැති වුණාම ඒවා ඇතුළත් කරන්න උපදෙස් දීම නෙමෙයිද?
ඒ වගේම දිගන පිට්ටනියෙ වැඩ කරපු සමහර සේවකයන්ට සහ නිලධාරීන්ට පුළුවන් ද අඩු ගාණෙ මේ රන් පදක්කම ගැන අපේ රටට ලැබුණ රන් පදක්කමක් හැටියට හිතලා සතුටු වෙන්න.ඇයව ඉතාම නින්දිත විදිහට පීඩාවට ලක් කරපු මිනිස්සුත් ලාංකිකයො විදිහට ඇය චීනයේ සිට ගෞරවයට පාත්‍ර කරලා අවසන්.ජාතික මට්ටමේ සිටින,ලෝකය ඉදිරියේ රට ගෞරවයට ලක් කරන බව දැනෙන් නැති කාලකණ්නි නිලධාරීන් පිට්ටනියට පය තියන්න බාධා කරමින් මේ වගේ ක්‍රීඩිකාවකට කරපු අරියාදු ගැන හිතන කොට ක්‍රඩා පරිපාලනය කියන්නෙ පරිපාලන විභාග සමත් වෙලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියලා තේරුම් ගන්න ඕනි.ඒ තනතුරුවලට පරිපාලන නිලධාරීන් යොදවද්දි ඔවුන් කෙතරම් ක්‍රීඩා කරලා තියෙනවද කියලා කල්පනා කරන්න ඕනි.


එක අවස්ථාවක එක නිලධාරිණියක්, සුසන්තිකා ගැන කියපු කතාවක් තමයි ඉස්සර එයාලගෙ මේසෙ වටේ වැඩේ කරගන්න ඇවිත් සුසන්තිකා කැරකි කැරකි හිටිය බව.එහෙම ලිපිකරු නෝනලා සතුටු වෙන්නෙ සුසන්තිතා තමන්ගෙ මේසෙ වටේ කරකවපු එක ගැන.හැබැයි ආඩම්බරය වෙන්න ඕනි ඒකද,?
”අපිට ඉතිං එයාගෙ වටිනාකම තේරෙනවනෙ ආව ගමන් ටක් ගාලා ඒක කරලා දීලා ඇරියා.”
එහෙම කියන ක්‍රීඩාව ගැන දැනෙන නිලධාරීන් ඉන්නවනම් ක්‍රීඩාව මෙහෙයවන ආයතනයකට කොච්චර වටිනවද?එහෙම අය නැහැ නෙමෙයි මේ කියන්නෙ.අඩුයි කියන එකයි.අඩු ගණනෙ උඩම ඉන්න නිලධාරින් ඔලිම්පික් තරගයක ක්‍රීඩා ඉසව් ගණන කියන්න දන්නෙ නැති මට්ටමකනම් ඉන්නෙ,ඔහුට තියෙන විදේශ ක්‍රිඩා උපාධි සුදුසුකමක් වෙයිද රටේ ක්‍රීඩාව දියුණු කරන්න?


මේ වෙන විටත් අමාත්‍යවරයාව ඉහළ නිලධාරීන්ව,ඇමතිව කූද්දලා අරගෙන ගාමිණි කොස්තා වැනි නිලධාරීන් ජයග්‍රාහී කණ්ඩායම පිළිගන්න ගුවන් තොටුපළට යන්න සූදානම් කරනවා ඇති.නමුත් මල්මාලානම් නැතුවටම කමක් නැහැ.විවේචන එයි ආවෙවත් නැහැ පිලිගන්න කියලා,ඒකට කමක් නැහැ.ඒ වෙලාවත් අරගෙන සැළසුමක් සකස් කරන්න තරුෂිගේ හෙට දවස ගැන.
ඔලිම්පික් කමිටුවට වෙන සංගම්වලින් අටුවා ටීකා අහන්න වැඩක් නැහැ.තරුෂි තමයි අනාගතය.ඒක පැහැදිළියි.රත්තරන් වටින ක්‍රීඩිකාවක් මෙතනින් ඉස්සරහට අරගෙන යනවා කියන එක මේ දක්වා අරගෙන ආපු මනුස්සයා එක්කම කරන්න වෙනවා.ඒ කියන්නෙ සුසන්ත ප්‍රනාන්දු.හැබැයි මම කියන්නෙ නැහැ ඔලිම්පික් දිනන්න සුසන්තගේ දැණුම ඕනෑවටත් වැඩියි කියලා.ඔහුත් තව දැනුවත් වෙන්න ඕනි.ආසියානු පරිසරයට එහා තියෙන පුහුණු පරිශ්‍රයක පුහුණුව වගෙම ලෝකයේ මීටර් 800 ඉහළ තරගකාරීත්වය එක්ක ගැටෙන්න පුළුවන් තත්ත්වයට තරුෂිව නිර්මාණය කරන්න ඕනි.ඒ සඳහා මීට වඩා හොදට තරුෂිව දුවවන්න වෙනවා.


මෙතැන අපිට තරුෂි ගෝල් දෙකක් ගහන්න පාවිච්චි කරන්න පුළුවන්.සුසන්තත් ඒ සඳහා දායක කරගෙන ජාත්‍යන්තර දැනුම ගන්න ඔහුවත් පිටත් කර හරින්න වෙනවා.මේවා එක අමාත්‍යංශයක් විදිහට කරන්න බැහැ.භාණ්ඩ හා සේවාවන් මිල වැඩි කරන්න විතරක් නෙමෙයි මේ වගේ දෙවල් සඳහාත් කැබිනට් පත්‍රිකා දාන්න ඕනි.වාහන ගෙන්න ගන්න,දීමනා වැඩි කරගන්න කැබිනට් පත්‍රිකා දානවා වගේම මේවා ගැනත් කතා කරන්න ඕනි කැබිනට් එකේම.
සුසන්ත මේ කාලයෙ ඉන්නෙ පුදුම දුෂ්කරතා ගොඩක.ඔහුගේ ශක්තිය වූ බිරිද රෝගාතුරව ඉන්නෙ.ගෙදර උයන පිහන තැන ඉදලා සියල්ල සිද්ධවෙන්නෙ මේ මනුස්සයා අතින්.එහෙම තැනක ඉන්න සුසන්තව තරුෂිව සමඟ විදේශයකට යවන්න සුසන්තට සිය බිරිඳවත් කැටුව යන්න අවසර තියෙන්න ඕනි.අඩුම ගණනෙ අවුරුද්දකට.බිරිදට රාජ්‍ය බැංකුවක නිවාඩු සහ වැටුප් වගේම සුසන්තට අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවාඩු සමඟ වැටුප් හිමිවන කැබිනට් පත්‍රිකාවක් එනවනම් මේ වැඩේ හරි පහසුයි.තරුෂිව බලාගන්න ඕනි.ඇයගෙ නමට පදක්කම් තිබුණට යන්නෙ තාත්තා පදවන ත්‍රිරෝද රථයෙන්.තමන්ගේ උඩු දුම්බර ගෙදර අතඇරලා දිගන කිට්ටුවෙන් ගත්තු කුලී ගෙදරක ඉන්නෙ.උඩු දුම්බර ගෙදර විකුණන්න උත්සාහ කරමින් ඉන්නෙ පුහුණුවට එහෙ ඉදලා පහසුකම් නැති නිසා.


දැන් මේ ජයග්‍රහණයත් එක්ක තරුෂිට දෙන එක දෙයක් විය හැකියි කොළඹින් ගෙයක්.ඒ මොකටද? කොළඹ ඉදලා දිගන පුහුණුවීම්වලට යන්නද?මොකද කොළඹ ධාවන පථය තිබුණට සුදුසු පරිසරය තියෙන්නෙ දිගන.රටක් ඔලිම්පික් පදක්කමකට වියදම් කරන මුදල් කන්දරාව ගැන දැන ගන්නනම් ඉන්දීය හෙල්ල වීසි කිරීමේ සූර නිරාජ් චොප්රා වෙනුවෙන් දරපු වියදම හොයා බලන්න පුළුවන්.එහෙම හිතන කොට එක ලේන් එකක ධාවන පථයක් හර හදා දෙන්න පුළුවන්නම් තරුෂිට ප්‍රතිපල එක්ක ගත්තම එක් වියදමක් වෙන එකක් නැහැ.ඒ නිසා ගෙයක් වගෙ දෙයක් දෙනවනම් ඒක තරුෂිට පහසුකම් සහිත නුවර තැනකින්ම දෙනවනම් තමයි වටින්නෙ.
ආණ්ඩුවට මේ වෙලාවෙ .තරුෂි ලොකු දේශපාලන පණිවිඩයක් දෙනවා.ඉනදිය ජාතික කොඩිය සහ චීන ජාතික කොඩිය සමහර විට ඉස්සරහට ලංකාවෙම සිංහ කොඩිය අභිබවා ඉහළට නැගලා අපිව මේ රට ඇතුළෙම ඒ රටවල්වල යටතට ගන්න තරමට බලගතු විදිහට ආක්‍රමණය කරලා තියෙන මොහොතක්.අපේ හිතවල තදින් ඉන්දියාව චීනය අභිබවා යන්න බැහැ කියන සිතුවිල්ල හැදිලා තියෙන අවස්ථාවක්.එහෙම අවස්ථාවක ඒ කොඩි දෙකට වඩා ගෞරවයෙන් ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ඉහළට ඔසවන්න හැකි වුණේ මේ රටේ පාලකයන්ට නෙමෙයි,තරුෂිට.


ක්‍රීඩාව කියන්නෙ භූ දේශපාලනයේ බලය පෙන්නන කැටපතක්.ඒ නිසයි ඔලිම්පික් පදක්කමකට රටක් විශාල මුදලක් වියදම් කරන්නෙ.එහෙම හිතන රටක පාලකයොනම් මේ රටෙත් ඉන්නෙ තරුෂි කියන්නෙ රටක්.ඇය තරුවක් වෙන්නෙ රටේ හැඩේට.මේ රට දිහාට හැමෝගෙම හිස ගෞරවයෙන් නැමෙන දවසක් තරුෂිට උදා කරන්න පුළුවන්.ඒ ගැන සැකයක් නැහැ.ඒත් තරුෂිට ඒක තනියෙන් කරන්න බැහැ.තරුෂිටයි සුසන්තටයි දෙන්නට එකතු වෙලා කරන්නත් බැහැ.ඒ සඳහා තව බොහෝ පරිපාලනමය වශයෙන්,රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සිඳුවිය යුතු බොහෝ දේ තියෙනවා.
“සල්ලි නැහැ කියලා කොටි ප්‍රකොටි ගාණක මැණකක් ඒ වටිනාකම ගන්න පුළුවන් විදිහට කපා ඔප දමන්නෙ නැතුව අත අරින්න තරම් මෝඩ ද?”
ක්‍රිඩා අමාත්‍යවරයාගෙන් පමණක් නෙවෙයි,ඔහුට උපදෙස් දෙන්න පත් කරගෙන ඉන්න ඇරියස්කාර කෞටිල්ලයන්ගෙන් පමණක්මත් නෙමෙයි.අමාත්‍යංශයේ සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙනුත් නෙමෙයි.මේ ආණ්ඩුවෙන්ම අපි අහන එකම ප්‍රශ්නය එයයි.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan