සේවයට වාර්තා නොකරන දුම්රිය නියාමකවරුන්ට වැඩ වරදින ලකුණු!

Date:

කොළඹ LNW: දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සියලු දෙනාගේ සහය බලාපොරොත්තුවන හෙයින් සියලුම උප දුම්රිය නියාමකවරු නියමිත සේවා ස්ථානවලට වාර්තා කරන ලෙස නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සාමාන්‍යධිකාරී විසින් දැනුම් දෙයි.

ඒ අනුව අද දහවල් 12.00ට පෙර සේවයට වාර්තා කළ යුතු වන අතර නියමිත සේවා ස්ථාන වෙත වාර්තා කිරීමට අපහසු නිලධාරීන් ආසන්නතම දුම්රිය ස්ථානය වෙත වාර්තා කළ යුතු බවයි අවධාරණය කර ඇත්තේ.

මේ වන විට දුම්රිය නියාමකවරු සේවයෙන් ඉවත්ව සිටීමට හේතු වී තිබෙන සිද්ධිය සම්බන්ධයෙන් පොදු නීතිය යටතේ පොලීසිය කටයුතු කරමින් සිටින අතර දුම්රිය දෙපාර්තමේන්තුවද ත්‍රිපුද්ගල කමිටුවක් යටතේ අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවද එම නිවේදනයෙන් දක්වා තිබේ.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කර තිබෙන හෙයින් මහජනතාව අපහසුතාවට පත්නොකර අඛණ්ඩ හා කාර්යක්ෂම සේවාවක් පවත්වාගෙන යාම වෙනුවෙන් සේවයට වාර්තා කරන ලෙසත් එසේ නොකරන නිලධාරීන් වෙත විනයානුකූල පියවර ගන්නා බවත් අවධාරණය කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...