*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

ලෝකයේ බුද්ධිගලනය වැඩි රටවල් අතරට අපේ රටත් එක් වෙලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

වෙරිටේ රිසර්ස් ආයතනය සිදු කළ සමීක්ෂණයක් අනුව මෙරට ජනගහනයෙන් සියයට 28කට පමණක් අයි.එම්.එෆ් ගිවිසුමෙන් වාසි සිදුවන බවත් එම අගය අයි. එම්. එෆ්. එකේ දෙවැනි වාරිකය නොලැබී යාමත් සමඟ තවත් පහළ වැටී ඇති බවත් හියුමන් ෆ්ලයිට් ඇන්ඩ් බ්‍රෙර්ය් ඩේ‍රයින් ඉන්ඩෙක්ස් එකට අනුව අප රට 2007-2023 අතර කාලයේ දළ වශයෙන් 7.23ක ශ්‍රේණිගත කිරිමක සිටියත් මේ මොහොත වන විට එය 8.4ක් වී ඇති බවත් රටවල් 177ක සාමාන්‍ය අගය ද 5.42ක් බවත් අපේ රටේ අගය ලෝකයේ අගය පවා අභිබවා ගොස් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පසුගියදා පාර්ලිමේන්තුවේ දී බුද්ධිගලනය සම්බන්ධයෙන් වන විවාදයේ දී අදහස් දක්වමිනි.

බුද්ධිගලනය සිදුවීමට බලපාන අභ්‍යන්තර හා බාහිර හේතුන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් විරැකියාව, ව්‍යවසායකත්වය සදහා සුදුසු පරිසරයක් නොමැති වීම, දුර්වල සමාජ ආර්ථික ජීවන තත්ත්වය, වංචාව, දූෂණය, නිදහස නැති වීම, යුක්තිය පසිදලීමේ ක්‍රියාවන් ක්‍රියාත්මක නොවීම, යුදමය තත්ත්වය, අස්ථාවරත්වය ආදිය අභ්‍යන්තර සාධක ලෙසත් බාහිර සාධක ලෙස විදෙස් රටවල ඇති අඩු නිලධාරීවාදය, ඉහළ වැටුප්, ශිෂ්‍යත්ව, නිවාස සෞඛ්‍ය කේන්ද්‍ර කර ගත් සුබසාධන රාජ්‍ය, දේශපාලන ස්ථාවරත්වය, සාමකාමිත්ව ආදිය දැක්විය හැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ වන විට අප රටේ වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් රට හැර යන බවත් ඒ අතර වෛද්‍ය, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ, ගණකාධිකාරී, තාක්ෂණ ශිල්පීන් සිටින බවත් එය ඛේදනීය තත්ත්වයක් බවත් ඉරාණය, යේමනය, උතුරු කොරියාව, මියන්මාරය ආදි බුද්ධිගලනය වැඩි රටවල් අතරට අප රටත් කෙමෙන් කෙමෙන් එක්වන බවත් මෙසේ බුද්ධිගලනය සිදුවන අභ්‍යන්තර හා බාහිර සාධක සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුවිය යුතු වුවත් වත්මන් රජය එවැනි අධ්‍යයනයක් සිදු කිරීමට උත්සාහ කර හෝ නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

1974 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමයේ බුද්ධි ගලනයක් සිදු වුවත් ඒ සම්බන්ධයෙන් වෙනමම කැබිනට් කමිටුවක් ස්ථාපිත කර සොයා බැලූ නමුත් වත්මන් රජය පාර්ලිමේන්තු කමිටුවක් හෝ මේ සම්බන්ධයෙන් ස්ථාපිත කිරිමට කටයුතු නොකළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan