*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/08

  1. පාස්කු ඉරුදින ප්‍රහාරය සඳහා “ජාත්‍යන්තර විමර්ශනයක්” අවශ්‍ය බවට 2023 ඔක්තෝබර් 08 වන දින “ඥාණාර්ත ප්‍රදීපය” නම් කතෝලික පුවත්පතේ පළවූ ලිපිය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය සිය අවධානය යොමුකරයි: වෙළුම් 88 කින් සහ පිටු 48,909 කින් යුක්ත පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සම්පූර්ණ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව කතෝලික පල්ලිය වෙත ලබා දීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් කටයුතු කර ඇති බව සඳහන් කරයි.
  2. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල්, බංකොලොත්භාවය විමර්ශනය කිරීම සඳහා පත්කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙයි: 2022 අප්‍රේල් 12 වන දින ශ්‍රී ලංකා බලධාරීන් විසින් කඩිමුඩියේ බංකොලොත්භාවය නිවේදනය කරන විට, ඉන්දියාවෙන් ලැබුණු ඇ.ඩො. බිලියන 2 ක පහසුකමට අමතරව, චීනයෙන් ඇ.ඩො. බිලියන 01 ද සමඟ තවත් ඇ.ඩො. බිලියන 1.5 ක වෙළඳ පහසුකමක් ලැබීමට නියමිතව තිබූ බවට සාක්ෂි ගෙන හැර දක්වයි: බංකොලොත්භාවය නිවේදනය කිරීම නැවත වරක් රට ඇතැම් විදේශ බලවේගවලට නතු කිරීමේ “කුමන්ත්‍රණයක්” බව පවසයි.
  3. වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලිය පහසුකරන නව වාහන ආදායම් බලපත්‍ර ක්‍රමය (eRL2.0) ඔක්තෝබර් 07 වන දින සිට ක්‍රියාත්මකවන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසයි: 2024 මාර්තු 31 වන විට සියලු රජයේ ආයතනවල ගෙවුම් පද්ධති ඩිජිටල්කරණය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද පවසයි.
  4. මෙරට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල ආයෝජනය කර ඇති “Hot-Money” ආකාරයේ ආයෝජන රටින් අඛණ්ඩව පිටවෙමින් පවතින අතර, 2023 ඔක්තෝබර් 6 වන දිනෙන් අවසන් වන සතිය තුළ ඇ.ඩො. මිලියන 16ක් රටිව් පිට වී ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි: රටේ නිල සංචිත අඛණ්ඩව පහත වැටෙන අතර, 2023 ජූලි මස අවසානයේ පැවති ඇ.ඩො. බිලියන 3.8 ක සංචිත 2023 සැප්තැම්බර් මස අවසන්වන විට ඇ.ඩො. බිලියන 3.5 දක්වා අඩු වී ඇත: ශ්‍රී ලංකා රුපියල “ආරක්ෂා කර ගැනීමේ” අරමුණින් මහ බැංකුව දිගින් දිගටම වෙළඳපොල තුළ විදේශ විනිමය විකුණා දමයි.
  5. කොළඹ නගරයේ පිහිටා ඇති වසර 30 – 35 කටත් වඩා පැරණි අනතුරුදායක ගස් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම සඳහා “ශාක විශේෂඥයන්” සමඟ එළඹෙන සඳු දින සාකච්ඡාවක් පවත්වන බව කොළඹ මහ නගර සභා කොමසාරිස් භද්‍රානි ජයවර්ධන පවසයි.
  6. ආර්ථික දුෂ්කරතා ඇති පාසල් සිසුන් ලක්ෂ 8කට සති 3ක කාලයක් තුළ රු. 3000ක වවුචරය බැගින් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
  7. 2025 මාර්තු මස ට පෙර මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (Financial Action Task Force) සියලුම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුවහොත් රට “අවඅසාදුලේඛනගත/අසාදුලේඛනගත” වූ (greylisted/blacklisted) රටක් ලෙස නම් වීමේ අවදානමක් පවතින බව මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය සුභානි කීර්තිරත්න පවසයි: බොහෝ රටවල් “අවඅසාදුලේඛනගත” රටවල් “අධි අවදානම්” රටවල් ලෙස සලකනු ලබන අතර ඒවා පසුව අසාදුලේඛනගත කරන බවත්, එවන් රටක ගනුදෙනුකරුවන් සහ ආයතන සමඟ ගනුදෙනු කිරීම බොහෝ බැංකු විසින් ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් මෙමඟින් උදා විය හැකි බවත් අනතුරු අඟවයි.
  8. කොළඹ හෝටල් කාමරවල මිල පාලනය කිරීමෙන් ශ්‍රී ලංකාවේ රැස්වීම්, දිරි දීමනා සංචාර, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන (Meetings, Incentive travel, Conference & Exhibition: MICE) වෙළඳපොළට බලපෑම් එල්ල වෙමින් පවතින බව ශ්‍රී ලංකා වෘත්තීය සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන සහ උත්සව සංවිධායකයන්ගේ සංගමයේ සභාපති ඉම්රාන් හසාන් පවසයි.
  9. එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරන ලද පෙත්සමකට මැදිහත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට අවසර ලබා දෙයි.
  10. 2023 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ආරම්භක තරඟයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 102 කින් ශ්‍රී ලංකාව පරාජය කරයි: දකුණු අප්‍රිකාව – 428/5 (50): මධුශංක – 86/2: ශ්‍රී ලංකාව – සියලු දෙනා දැවී 326 (44.5): අසලංක – 79, කුසල් මෙන්ඩිස් – 76.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan