කොළඹ අනාරක්ෂිත ගස් ඉවත්කරන්න හෙට විශේෂ සාකච්ජාවක්!

Date:

කොළඹ LNW:කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී පස් දෙනෙකුට මරු කැඳවූ වසර 30ක් 35ක් පැරණී නුග ගස් වැනි කොළම නගරයේ ඇති අනතුරුදායක ගස් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ උපදෙස් මත ශාඛ පිළිබඳ විශේෂඥයින්ගෙන් සැදුම්ලත් විශේෂ සාකච්ඡාවක් හෙට (09) පැවැත්වෙන බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසයි.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා පේරාදෙණිය උද්භිත උද්‍යානයේ විශේෂඥයින්, වන සංරක්ෂණ ජනරාල්වරයා ඇතුළු ගස් පිළිබඳ විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් එක් වන බවත් ගුවන් හමුදාව ගස් කපා දැමීමට සහාය වීමට නියමිත බවත් සඳහන්.

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී පැරිණි නුග ගසක් කඩා වැටීමෙන් බස් රථයේ සිටි විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙම කඩා වැටුණු ගස මීට මාස දෙකකට පෙර අතු කඩා දැමූ ගසක් බවත් මෙවැනි අනතුරුදායක ගස් කපා දැමීමත් මෙවැනි ගස් පාලනය කිරිමත් කොළඹ මහ නගර සභාව විසින් සිදු කරන බවත් ජයවර්ධන මහත්මිය සඳහන් කරයි. ඒ සඳහා පැය 24 කටයුතු කරන ඒකකයක් ස්ථාපිත කර ඇති බවත් ඇය පවසයි.

”මෙවැනි අනතුරුදායක ගස් ඉවත් කිරිමේදී ගිනි නිවන හමුදාව එක්ව කටයුතු කරනවා. එම අනතුරින් පසුව සියලු කණ්ඩායම් එක්ව කටයුතු කළා. පාර රක්ෂිතයේ තිබූ මේ ගස ඇතුළු ගස් වල වැඩිපුර අතු කපා බැලන්ස් කිරිම අපි සිදු කරනවා. අනාරක්ෂිත ගස් ඉවත් කරන අතර අනතුරක් සිදු වූ වහාම ඊට අවශ්‍ය පියවර ගන්නවා. නුග ගස් වැනි දේවල් වලට පඩුර තියාගෙන කටයුතු කිරිම අනතුරුදායකයි. ඔක්සිජන් අවශ්‍යතාවය නිසා ගස් කපා දැමීමද හානිදායකයි. ඒ නිසා තමයි ගසේ ඇති අනතුරුදායක තත්ත්වයන් සොයා බැලීමට විශේෂ උපකරණ අවශ්‍යයි. ඒවා යොදා ගස් සම්බන්ධයෙන් සොයා බැලීමට සදුදා පියවර ගන්නවා” යනුවෙන්ද ඇය ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...

ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයන් ඇගයේ!

උතුරු පළාතේ 2023 අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා...