ඉන්ධන මිල වැඩි කරන්න බැරි නං බදු ඉවත් කරන්න – ගම්මන්පිල මුදල් ඇමතිගෙන් ඉල්ලයි

ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ගම්මන්පිල ඇමතිවරයා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

දිගින් දිගටම පාඩු ලබන තෙල් සංස්ථාව බේරා ගැනීම සඳහා මෙම ඉල්ලීම සිදුකරන බවත්, මිල වැඩි කිරීමකින් තොරව අර්බුදය විසඳා ගැනීම සඳහා වෙනත් විකල්පයක් නොමැති බවත් ඔහු සඳහන් කරනවා.

ඉන්ධන අලෙවි කිරීම හරහා දිනපතා රුපියල් මිලියන 550 කට වැඩි පාඩුවක් ලබන බවත්, පසුගිය වසර දක්වා සංස්ථාව ලබා ඇති සමස්ත පාඩුව රුපියල් මිලියන 83,000 ක් බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.

දැනට ඉන්ධන අර්බුදයක් මතුව තිබෙන්නේ ඩොලර් නොමැතිවීම හේතුවෙන් බව පෙන්වා දෙන ගම්මන්පිල ඇමතිවරයා පවසන්නේ ඉදිරියේදී රුපියල් නොමැතිවීම හේතුවෙන් අර්බුදය තවදුරටත් උත්සන්න වීමේ අවදානමක් මතුව ඇති බවයි. අර්බුදය සමනය කර ගැනීම සඳහා එක්කෝ මිල වැඩිකළ යුතු බවත් එසේ නොමැති නම් ආණ්ඩුව තෙල් සංස්ථාවට සහනාධාරයක් ලබාදිය යුතු බවත් ඔහු පවසනවා. එම ක්‍රියාමාර්ග දෙකම ගත නොහැකි නම් ඉන්ධන අලෙවි හරහා රජය අය කරන බදු ඉවත් කළයුතු බවද ඔහු පවසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...