LNW සටහනට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ ප්‍රතිචාර දක්වයි!

පළමුවෙන් හෙල්ලෙන් පදක්කම් දිනූ නදීශාට සහ පුහුණුකරුටත්,තරුශිගේ පුහුණුකරුටත් ත්‍යාග පිරිනැමීමේ තීරණයක්

ආසියානු තරගාවලියේ ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් දැක් වූ දස්කම් සම්බන්ධයෙන් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වී තිබෙනවා.ඒ අතරින් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්න ගැන විශේෂයි.අවාසනාවට ධාවන පථ නීති උල්ලංඝණය කිරීමක් නිසා ශ්‍රී ලංකාවට රිදී පදක්කම අහිමි නොවිණිනම් ඇයගේ ගෙලේ රන්,රිදී සහ ලෝකඩ යන තෙ’වර්ගයේම පදක්කම් රැඳවෙන්නට තිබුණා.

ශ්‍රි ලංකා ක්‍රිකට් සියලුම දෙනාගේ අවධානය විවිධ ආකාරයෙන් තරුශි ගැන යොමු වෙද්දී තරුශි කරුණාරත්නට රුපියල් ලක්ෂ සියයක ත්‍යාග මුදලක් පිරිනැමීමට ඉදිරිපත් වුණා.මේ සම්බනධයෙන් අප ස්තූතිය ප්‍රකාශ කරමින් තව දුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වෙන ආකාරයෙන් සටහනක් තැබුවා.විශේෂයෙන්ම වීසි කිරීමේ ඉසව්වලදී සිය පාසල් වියේදී දස්කම් දැක් වූ ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පාසල් අවදියේ විශේෂයෙන් හෙල්ල වීසි කිරීමේදී කැපී පෙණුන ආකාරයද සිහිපත් කරමින් ශ්‍රී ලංකාවට මෙවර ක්‍රීඩා උළෙලේ පළමු මලල ක්‍රීඩා පදක්කම දිනා දුන් හෙල්ල වීසි කිරීමේ සූරි නදීශා දිල්හානි ලේකම්ගේ ගැනත් අවධානය යොමු කළා.මේ ඇත්තේ එම සටහනයි.

මලල ක්‍රිඩකයෙක් වූ ක්‍රිකට් ලොක්කාගේ මලල ක්‍රිඩා ආදරය….

එම සටහනෙන් දැක් වූ කරුණු සම්බන්ධයෙන් විශාල අවධානයක් ශ්‍රි ලංකා ක්‍රිකට් යොමු කර තිබෙන අතර එහි පළමු පියවර ලෙස තරුශි කරුණාරත්නට මෙන්ම ඔහුගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දුටත්,හෙල්ල වීසි කිරීමේ සූරි නදීශා දිල්හානි ලේකම්ගේ සහ ඔහුගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්තටත් ත්‍යාග මුදල් පිරිනැමීමමේ එකඟතාවයකට ශ්‍රී ලංකා ක්‍රිකට් පැමිණ තිබෙනවා.මේ සම්බන්ධයෙන් අද දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා අදහස් දක්වමින් අප වෙබ් අඩවිය පෙන්නා දුන් කරුණු සියල්ල සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ බවත්,ශ්‍රී ලකාවේ තවත් ක්‍රිඩාවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් හී අවධානය සහ ආධාරය යොමු කිරීමට අපේක්ෂා කරන බවත් පවසා සිටියා.ඒ අතර විශේෂයෙන්ම මලල ක්‍රිඩාව තිබෙන බවත් ජාත්‍යන්තර ජයග්‍රහණ ශ්‍රී ලංකාවට ගෙන ඒමට ඊට විශාල හැකියාවක් ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

“අපි ඒ සඳහා ජාත්‍යන්තර පුහුණු දැනුම ලබා දීමට විශේෂ අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.ඒක ඊට සම්බන්ධ සියලු පාර්ශව එක්ක කතා කරලා කරන්න උත්සාහ කරනවා”

අපේ සටහනේ කරුණු ඔස්සේ අවධානය යොමු කරමින් ඔවුන් මේ වන විට සාකච්ඡාව ඉදිරියට ගෙන ගොස් ඇති තරම් පැහැදිළි කරමින් සභාපතිවරයා පවසා සිටියා.

සටහන — නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පාසල් විරෝධතා උණුසුම් වෙයි – 250,000කට අධික පිරිසක් වීදි බසිති

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: ප්‍රංශයේ පාසල්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...