නවක වදය ගැන තීරණයක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල සිදුවන නවක වද සිදුවීම් වැළැක්වීමේ අරමුණින්, විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරීක්ෂා කිරීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේ, නේවාසිකාගාරවල රාත්‍රී 12 ත් අලුයම 5 ත් අතර කාලයේ නවක වදය වැඩි වශයෙන් ලබා දෙන බවට ලැබුණු තොරතුරු හේතුවෙන් මේ තීරණය ගත් බව‍යි. ඒ සඳහා විශ්වවිද්‍යාල විනායාරක්ෂක නිලධාරීන් හා ශිෂ්‍ය උපදේශකයින් යොදවන බවත්, ඔවුන්ට අවශ්‍ය ගමන් කථන හා වාහන ලබා දෙන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

විශ්වවිද්‍යාලවල නවක වදය වැළැක්වීම සඳහා ජාතික කමිටුවක් ද මේ වනවිට පත් කර ඇති අතර, නවක වද සිද්ධි පැමිණිලි කිරීමට වට්ස්ඇප් අංකයක් ද හඳුන්වා දී ඇති අතර ඒ සඳහා ද පැමිණිලි ලැබෙමින් ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබීය.

තවද, ආචාර්ය සුරේන් රාඝවන් මහතා සඳහන් කළේ , ලැබෙන සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම කඩිනම් විමර්ශන ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...