සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මේ වනවිට පවතින ඊශ්‍රායල් පලස්තීන ගැටුම් තත්ත්වය සළකා බලා, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය තීරණයක් ගෙන ඇත.
ඒ ඇතිව තිබෙන අනාරක්ෂිත තත්ත්වය හේතුකොට ගෙන ඉදිරියේදී ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමේදී ඊශ්‍රායල් ජනගහන හා සංක්‍රමණ අධිකාරියේ හා විදේශ අමාත්‍යාංශයේ අවසර ලබා ගැනීමෙන් අනතුරුව පමණක් සිදු කරන බව,විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කරයි.
මේ අතර ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා දැනුම් දී ඇත්තේ, ඊශ්‍රායලයෙන් පිටවීමට අවශ්‍ය නම් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඒ සඳහා අවස්ථාව පවතින බවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??