තව කොච්චර කල් මේක ගැටගහගෙන යන්න පුළුවන් වෙයිද කියලා මටවත් විශ්වාසයක් නෑ – ගම්මන්පිල

Date:

තෙල් සංස්ථාව දිනකට රුපියල් මිලියන 551 බැගින් පාඩු ලබන බැවින් තව කොතරම් කාලයක් මේ ආකාරයෙන් ඉන්ධන වෙළඳාම කරගෙන යෑමට සංස්ථාවට හැකිවේද යන්න පිළිබඳව තමන්ටවත් විශ්වාසයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

“තෙල් සංස්ථාවේ ගණනය කිරීම් අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රු. 19ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රු. 17ක්, ඩීසල් ලීටරයකින් රු. 52ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රු. 35ක්, භූමිතෙල් ලීටරයකින් රු. 63ක් අලාභ ලබමින් තමයි තෙල් විකිණීම සිදුකරන්නෙ. ඒ අනුව එක් දිනකට සංස්ථාව ලබන පාඩුව රුපියල් මිලියන 551ක්. මේ පාඩුව ලබන්නේ පසුගිය වසරටත් රුපියල් මිලියන 83,000ක පාඩුවක් ලබපු සංස්ථාවක්. සංස්ථාවට මේ ආකාරයට තවදුරටත් තෙල් වෙළඳාමේ යෙදී සිටින්න බැරිවෙනවා. අපි උදාහරණයක් ගත්තොත් අපි රුපියල් 200ට බඩුවක් මිලදීගෙන ඇවිත් රුපියල් 150ට විකුණනවා නම් එහෙනම් මේ හිඟ රුපියල් 50 සහනාධාරයක් විදියට ආණ්ඩුවෙන් ලබාදෙන්න වෙනවා. එහෙම නැත්නම් 200ට වඩා වැඩි මිලකට සංස්ථාවට ඒ භාණ්ඩය විකුණන්න සිද්ධ වෙනවා. මේ දෙකෙන් එකක්වත් කෙරෙන්නෙ නැත්නම් නුදුරු අනාගතයේ මේ රටේ තෙල් හිඟයක් ඇතිවීම කාටවත් වළක්වන්න බෑ. තව කොච්චර කාලයක් මේක මේ විදියට ගැටගහගෙන යන්න පුළුවන් වෙයිද කියලා මටවත් විශ්වාසයක් නෑ”

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...