හරිත දේශයක් ගොඩනගමු

0
199

වසර 2050 වනවිට මෙරට කාබන් ශුන්‍ය රටක් බවට පත් කිරීමට විශේෂ වැඩසටහනක් හා තවත් පරිසර හිතකාමී වැඩසටහන් රැසක් පරිසර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මකයි.

රට කාබන් ශුන්‍ය රටක් තත්ත්වයට ලඟා වීම සඳහා වායු ගෝලයට මුදාහරින හරිතාගාර වායු ප්‍රමාණය අඩුකළයුතු අතර වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කරගන්නා පරිසර පද්ධතීන් වැඩිකර ගත යුතුය .

මාර්ග සිතියමක් සහ උපාය මාර්ගශීලී සැලසුමක් මඟින් ඉලක්ක ඉටු කර ගැනීමට හැකිවනු අතර මෙහි ප්‍රගතිය වසර 5කට වරක් සමාලෝචනය කෙරේ.

හරිත ශ්‍රී ලංකා සෑම අයෙක් එක් පැළයක්

ජාතික වැඩසටහන යටතේ 2025 වනවිට වනවැස්ම 30% ක් දක්වා ඉහළ නැංවීමට , ජල පෝෂක සුරක්ෂිත කිරීමට හා ආක්‍රමණික ශාක ඉවත් කිරීමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,000ක ප්‍රතිපාදන වෙන්කර ඇත.

ඒ යටතේ ,

  • වන ගම්මාන 200 ස්ථාපනය කිරීම.
  • පාසල් සහ ජාතික අධ්‍යාපන පරිශ්‍ර වල රුක් රෝපණ වැඩසටහන්
  • දීපව්‍යාප්ත ඔසු උයන්.
  • ආගමික ස්ථාන භූමි වල රුක් රෝපණ වැඩසටහන් .
  • වාරි රක්ෂිත හා ජල පෝෂක ප්‍රදේශ තුළ රුක් රෝපණ වැඩසටහන්
  • රාජ්‍ය ආයතන සතු ඉඩම් වල රුක් රෝපණ වැඩසටහන්

වශයෙන් වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබේ. දැනටමත් මෙම ව්‍යාපෘති දිස්ත්‍රික් ලේකම් වරු හා ප්‍රාදේශීය ලේකම්වරු විසින් අධීක්ෂණය කරනු ලබයි.

හරිත දේශයක් වෙනුවෙන් කැපවෙමු…

හැකි උපරිමයෙන් ඒ සඳහා දායක වෙමු..

Sponsored Article
රෂිකා සඳමාලි හෙන්නායක
2022.02.19

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here